දැව සංස්ථාවේ නව සභාපති ශාන්ත බණ්ඩාර

දැව සංස්ථාවේ නව සභාපති ශාන්ත බණ්ඩාර

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පත්කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය මහ මැතිවරණයෙන් පරාජය වූ ශාන්ත බණ්ඩාර මේ වන විට ශ්‍රීලනිප තරුණ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම සිදුකර ඇත.

රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක රුපියල් කෝටි 2 අල්ලස් සිදුවීමට අත්අඩංගුවට පත්වූ අතර ඔහුට පසුව එම ධූරය සඳහා ජනාධිපතිවරයා පත්කර සිටියේ අනුරුද්ධ පොල්ගම්පළය. එහෙත් ඔහුද මුල්‍ය අක්‍රමිකතා චෝදනා ලැබුවකු වන නිසා ඔහුවද එම ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ලැබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න