උදයාංගගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභා කරයි

උදයාංගගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභා කරයි

රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංග මහතා විසින් තමන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුව යළි කැඳවන්නැයි ඉල්ලා ගොනු කෙරුණූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ (11) ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම සලකා බැලු අවස්ථාවේදී මෙම තීන්දුව නිකුත් කර ඇත.

අධිකරණය මගින් තම බැංකු ගිණුම් තහනම් කිරීමට ගෙන ඇති නියෝගය අවලංගු කරන ලෙස හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆැන්සිස් මහතාගෙන් කෝටි 10ක වන්දියක් ද මෙම පෙත්සම හරහා උදයාංග වීරතුංග ඉල්ලා තිබූ නමුත් ඒද මේ සමඟ නිෂ්ප්‍රභා වී ඇත. 

මේ අතර ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ  උදයාංග වීරතුංග එක්සත් අරාබී එමිර් රාජ්‍යයේ ආරක්ෂක භාරයේ පසුවන බවත්  නෛතික කරුණු කිහිපයක් මත ඔහුව මෙරටට පිටුවහල් කරවා ගැනීමට තවමත් නොහැකිවී ඇති බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න