ශ්‍රීලනිප සභාපතිත්වය බලෙන් අරගෙන පක්ෂය විනාශ කළේ ජනාධිපති - දිලුම්

ශ්‍රීලනිප සභාපතිත්වය බලෙන් අරගෙන පක්ෂය විනාශ කළේ ජනාධිපති - දිලුම්

පොදු අපේක්ෂකයා බවට පත්වී එක්සත් ජාතික පක්ෂයේ ජන්දවලින් ජයග්‍රහණය කළ ජනාධිපතිවරයා පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරය ගැනීම ශ්‍රීලනිපය විනාශවීමට මූලික හේතුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම සඳහන් කරයි.

පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ චෝදනාව ඉදිරිපත් කර ඇති අතර ජනාධිපතිවරයා ශ්‍රීලනිපයට පත්කළ ලේකම්වරුන් සහ නිලධාරීන් නිසාද පක්ෂයේ විනාශය වේගවත් වූ බවද සඳහන් කර ඇත.

ජනාධිපති ශ්‍රීලනිප සභාපතිධුරය ගත්තේ බලහත්කාරයෙන් 

එසේම පක්ෂ සභාපතිත්වය ජනාධිපතිධූරය ජනාධිපතිවරයා ලබාගත්තේ බලහත්කාරයෙන් බවත් එය අද වන විට ඔප්පුවී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

තවද ජනාධිපතිවරයා සභාපතිධුරය ලබානොගෙන වෙන අයෙකු ඊට පත්කලා නම් ශ්‍රීලනිප සාමාජිකයන් මෙතරම් කළකිරීමට ලක්නොවනු ඇති බවත් එ.ජා.ප.යට මේ දේ වුණෙත් ජනාධිපති විදියට වැරැදි කෙනෙක් පත් වුණ නිසා බවට සරත් ෆොන්සේකා එල්ල කරන චෝදනාවේ සත්‍යතාවක් ඇති බවද ඔහු සඳහන් කර ඇත.

නමට විතරයි ශ්‍රීලනිපයේ : ඇත්තට ඉන්නේ පොහොට්ටුවේ 

තමන් තවදුරටත් ශ්‍රීලනිපයේ නොවන බව සඳහන් කරන මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන්  ජන්දයට ඉදිරිපත්වූයේ ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වුවත් මේ වන විට තම පාර්ශවය ශ්‍රී ල.නි.පයේ හෝ එ.ජ.නි.ස ඉන්නවා යන්න නාමිකයක් පමණක් වන බවත් එහෙත් ඇත්තට තමන් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න