2020ට එන්නේ කවුද? : බැසිල් - ගෝඨා පිළිතුරු දෙයි !

2020ට එන්නේ කවුද? : බැසිල් - ගෝඨා පිළිතුරු දෙයි !

තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳ අවසන් තීන්දුව ගත යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු  ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මේ බව සඳහන් කර සිටියේ ගොඩකවෙල පැවති ආගමික වැඩසටහනකින් පසු මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්ය.

එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ  වැඩිදුරටත් සඳහන් කළේ අත්අඩංගුවට ගැනීමෙන් තමන් යන ගමන නැවැත්වීමට කිසිවෙකුට නොහැකි බවය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න ද එක්ව සිටි අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ මීට වසර දෙකකට පෙර ගෝඨාභය රාජපක්ෂ පක්ෂ නායකත්වයට සුදුසු බව තමන් යෝජනා කළ බවය.

එසේම තමන් වෙනත් මාර්ගයක ගියේ පක්ෂය නිසා බවත් එදා සටම පක්ෂයේ සියලු දෙනා නැවත එක්විය යුතු බවට ලොකු සටනක් තමන් දියත් කළ බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කර ඇත. 

2020 තීරණය ගන්නේ මහින්ද - බැසිල් 

මේ අතර අද පැවති උත්සවයකට සහභාගීවීමෙන් පසුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් බැසිල් රාජපක්ෂ සඳහන් කර සිටියේ ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න තීරණය කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බවය.

එසේම ඔහුගේ තීරණය තම පවුලේ සැම පිළිගන්නා බවත් කෙසේ නමුත් මේ අවස්ථාවේ තමන් අවධානය යොමුකර සිටින්නේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා නොව පළාත් සභා මැතිවරණය සම්බන්ධව බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න