ඌවේ චාමරට එරෙහිව : මුලික අයිතිවාසිකම් නඩුවක්

ඌවේ චාමරට එරෙහිව : මුලික අයිතිවාසිකම් නඩුවක්

ඌව මහ ඇමති විසින් බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිවරිය දණ ගැස්සවීමේ සිද්ධියට අදාලව කිසිදු පරීක්‍ෂණයක් මෙතෙක් අවසන්ව නැති අතර නැවත ඔහුට අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාදීමටද කටයුතු කර තිබීම සම්බන්ධව අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට ලංකා ගුරු සේවා සංගමය කටයුතු කර ඇත.

2017 ජනවාරි 3 වැනි දා ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක තමන්ව දණගැස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් පරික්ෂණයක් කළත් තමන්ට නිසි සාධාරණයක් සිදු වී නොමැති බව වින්දිත විදුහල්පතිනිය  සිය පෙත්සමෙන් සඳහන් කර ඇති අතර නීතිඥ සුනිල් වටගල  මගින් ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එස්.බී.අඹන්වල ඇතුළු අට දෙනෙක්ය.

ඒ පිළිබඳ දැනුම්දෙමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කර සිටින්නේ විදුහලේ විදුහල්පතිවරිය දණ ගැස්සවීමේ සිද්ධියට සම්බන්ධ රාජ්‍ය නිලධාරින්ද  නිරුපද්‍රිතව සිටින බවත් ඊට එරෙහිවද නඩුවේ කරුණු ගොනුකරන බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න