දිනමිණ සහ ලක්බිම බොරු ගහලා මාට්ටු : ජනපති නියමයෙන් පොලිස් පරීක්ෂණයක් !

දිනමිණ සහ ලක්බිම බොරු ගහලා මාට්ටු : ජනපති නියමයෙන් පොලිස් පරීක්ෂණයක් !

"සිවිල් අරගලයකට පසුබිම හදන කිසිඳු ක්‍රියාවකට ඉඩ නොතබන්න" යන ශීර්ෂයෙන් යුතුව  දිනමිණ පුවත්පතේ සහ  "රට බෙදන වැඩ ගැන ආරක්ෂක අංශ සීරුවෙන්" යන ශීර්ෂයෙන් යුතුව ලක්බිම පුවත්පතෙහි පළවූ ප්‍රවෘත්ති හී කිසිඳු සත්‍යතාවක් නොමැති බවත් ඒ අසත්‍ය පුවත නිර්මාණය කර ඇති පාර්ශවය  සම්බන්ධව කඩිනම් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත නියෝග කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක  මේ බව සඳහන් වන අතර අදාළ ප‍්‍රවෘත්ති වාර්තාව අනුව ඊට පදනම්ව ඇත්තේ පසුගියදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී සාකච්ජා  වූ කරුණක් බව සඳහන්  වී ඇතත් ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාවට හෝ ජන ජීවිතයේ ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජනයක් පිළිබඳව  ආරක්ෂක මණ්ඩලයට කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති පසුබිමක එම පුවතේ සඳහන්  වී ඇති ආකාරයට ඒ පිළිබඳව සාකච්ජා  කිරීමට කිසිදු හේතුවක් ඇති නොවූ බවද එහි දැක්වේ.

එබැවින් මෙම ප‍්‍රවෘත්තිය කිසියම් පුද්ගලයෙක් හෝ සංවිධානයක් විසින් නිර්මාණය කර මාධ්‍ය ආයතන වෙත යොමුකර ඇති අසත්‍ය ප‍්‍රවෘත්තියක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ සඳහන්ව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න