ආපදා අවස්ථාවේදී සමහර නිලධාරීන් රජය අපහසුතාවයට ලක් කරනවා - මරික්කාර්

ආපදා අවස්ථාවේදී සමහර නිලධාරීන් රජය අපහසුතාවයට ලක් කරනවා - මරික්කාර්

මේ වන විට මුළු ලංකාවටම බලපා ඇති හදිසි ආපදා අවස්ථාවේදී රාජ්‍ය යාන්ත්‍රණයේ සමහර නිලධාරීන් රජය අපහසුතාවයට ලක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ කොළොන්නාව ආසනයේ  ගංවතුර හේතුවෙන්  විපතට පත් ජනතාවට පිසූ ආහාර පාර්සල් ලබා දීමේ අවස්ථාවකට එක්වෙමින්ය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ  පැවසීය.

මේ වන විට රජය විසින් මුදල් මුදා හැරලා මේ ආපදාවට පත් ජනතාවට අවශ්‍ය සියලුම පහසුකම් සපයන්න කියලා උපදෙස් දීලා තියෙද්දී රාජ්‍ය යාන්ත්‍රණයේ සමහර නිලධාරීන් රජය අපහසුතාවයට ලක් කරන්න, රජයෙන් කිසිම දෙයක් ජනතාවට ලබා දෙන්නේ නෑ . රජය කිසිම සූදානමක් නෑ කියලා  පෙන්නන්න උත්සහ දරනවා. විශේෂයෙන්ම නිලධාරීන්ගේ වාර්තාවල තියෙනවා කොළොන්නාවේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අවතැන් කදවුරු වල 400 ගානක් ඉන්නේ කියලා. ඇත්තටම 5000 අධික ජනතාවක් මේ ගෙවුනු දින 04 දී අවතැන් වෙලා තියෙනවා. ඒ අනුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලින් පහසුකම් දෙන්නේ කදවුරුවල ඉන්න ජනතාවට විතරයි. ඔවුන්ට දෙන්නේ කෑම විතරයි.කෑම ටික කාලා බොන්න වතුර නෑ. මේ දේවල් වලින් අන්තිමට අපහසුතාවය ලක් වෙන්නේ රජය තමයි.

සමහර නිලධාරීන් උවමනාවෙන්ම චක්‍රලේඛනවලට මුවා වෙලා ජනතාවට පහසුකම් නොසපයන්න බලාගෙන ඉන්නවා. ඒ අය ප්‍රසිද්ධියේ කියනවා ජනාධිපතිතුමා කිව්වාත් පහසුකම් ලබා දෙන්න සූදානමක් නෑ කියලා. රජය කොන්ද පණ ඇතිව වැඩ කරන්න ඕනේ කියලා අපි දිගින් දිගටම ප්‍රකාශ කලා. රජය කොන්ද පණ ඇතිව වැඩ කරන්නේ නැති නිසා තමයි.නිලධාරී තන්ත්‍රණය මේසා විශාල අරමුදල් ප්‍රමාණයක් තියෙද්දී ජනතාවට පහසුකම් සලසන්න අදිමදි කරන්නේ. මේ නිලධාරීන්ට විරුද්ධව රජය ක්‍රියා කරන්නේ නැතිනම් කොළොන්නාවේ  ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති ධූරයෙන් මම ඉල්ලා අස්වෙනවා කියලා මං අග්‍රාමාත්‍යතුමාට මේ වන විට දන්වලා තියෙනවා.  මේ වගේ වැඩ කරනකොට ජනතාව කියන්න ගන්නවා මේක ආණ්ඩුවක් ද පාණ්ඩුවක් ද කියලා. අවසානයේදි අපිව පත් කරපු ජනතාවට අපි වගකිව යුතුයි. රජය මේ නිලධාරින් ගැන තීන්දුක් ගන්නේ නැතිනම් අපේ තීන්දුව අපි ගන්නවා.

{gallery}marikkar{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න