මාධ්‍යවේදී පුහුණු පාඨමාලා සඳහා ප්‍රදානය කෙරෙන, මෙතෙක් රු. ලක්ෂයක්ව පැවති මූල්‍යාධාරය 2018 දී රුපියල් ලක්ෂ දෙක දක්වා වැඩිකිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහල නැංවීම අරමුණු කරගනිමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් "ඇසි දිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන" හරහා වාර්ෂිකව මුල්‍යාධාර ප්‍රධානය කිරීමට අමාත්‍යංශය කටයුතු කරයි.
ඒ අනුව මෙවර පාඨමාලාව සඳහා ආපසු නොගෙවනු ලබන ශිෂ්‍යත්ව මුදල උපාධි හා පශ්චාද් උපාධි වෙනුවෙන් උපරිමය රුපියල් ලක්ෂ දෙකක් (රු.200,000) හා දිගුකාලීන හා කෙටිකාලීන සහතික පත්‍ර පාඨමාලා සඳහා උපරිමය රුපියල් ලක්ෂයක් (රු.100,000) ලෙස තීරණය කර ඇති අතර, අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර ඇත.
වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවයේ නියැලී සිටින වයස අවුරුදු 18-55 ත් අතර මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හා වෙබ් මාධ්‍යවේදීන්ට මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම් කළ හැකි බවත්, තවද ඉල්ලුම් කරනු ලබන පාඨමාලාව සෘජුවම ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාල පාඨමාලාවක් විය යුතු බවත් අමාත්‍යංශය සඳහන් කර සිටියි.
මාධ්‍යවේදීන්ට මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය මගින් දෙවරක් ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව ලැබෙන අතර ඒ අනුව පළමු අවස්ථාවේ සුදුසුකම් ලබාගැනීමෙන් වසර 5කට පසුව දෙවන අවස්ථාව සදහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවේ.
මේ සඳහා යොමුකරන සියලුම අයදුම්පත් 2018-07-16 දින හෝ එදිනට පෙර අධ්‍යක්ෂ (මාධ්‍ය),මුදල් හාජනමාධ්‍ය අමාත්‍යංශය, අංක163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 යන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු බවද අමාත්‍යාංශය නිවේදනය කරයි.

