පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ බස්නාහිර දෙසින් සුන්දර වූ ස්භාවික කලපු තීරයකින්ද, නැගෙනහිර දෙසින් තබ්බෝව අභය භූමියෙන්ද, උතුරු දෙසින් රමණිය මී ඔය ගංඟා නිම්නයෙන්ද, වට වූ අති රමණිය පුත්තලම ප්‍රදේශය එදා මෙදා තුර ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන සාඩම්බර හා පෞරාණික වැදගත්කමක් ඇති මෙම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතව කරගෙන යනු ලබන ගොවිතැන මෙන්ම ධීවර කර්මාන්තය පදනම් කරගත් ධීවර වෘත්තියට ඉන් හිමිවන්නේ සුවිශේෂ වූ ප්‍රමුඛස්ථානයකි.
මන්ද අඩු ප්‍රාග්ධනයක් හා සීමිත සම්පත් භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ නියෙලෙන ධීවර ප්‍රජාව සුන්දර කලපුවෙන් ඵලදායි සරු අස්වැන්නක් නෙලා ගැනිමට හිමිකම් කිවීම නිසාවෙන් ප්‍රදේශය පුරාවට ධිවර කර්මාන්තය ප්‍රචලිත වී ඇත්තේ ඒ නිසිවෙනි.
1980 වර්ෂයේ සිට 1990 වර්ෂය දක්වා කාල පරාසය තුල ධීවර කර්මාන්තයේ යෙදුන ධීවර ප්‍රජාව ස්භාවික කලපුවෙන් ඵලදායි අස්වැන්නක් නෙලාගෙන ඇති බවත්, ඔවුන්ගේ ආර්ථිකය ධනාත්මක මට්ටමක පවත්වාගෙන ආ බවටත් එවකට තිබූ සමීක්ෂණ වාර්තාවලින් ලද ගවේශණාත්මක තොරතුරු මනාව හෙලිදරව් කරති.
සරු ඵලදායිතාවයට මෙන්ම ධීවර ජනයාගේ ආර්ථික මට්ටම ධනාත්මක භාවයෙන් පවත්වාගෙන යාමට ඉවහල් වී ඇති ප්‍රධානතම සාධකය වී ඇත්තේ කුමක්ද? යන්න වැඩිදුර විශ්ලේෂණයේ දී සදහන් වන්නේ. ස්භාවධර්මයාගේ අපූර්වතම නිර්මාණයක් වන් ස්භාවික කඩොලාන සම්පතයි.
මෙම ස්භාවික කඩොලාන සම්පත පිළිබඳ කතා කිරීමේ දී නොසගවා දැක්විය හැකි කරුණක් වනුයේ දිනෙන් දින වර්ධනය වන මත්ස්‍ය සම්පතේ ආරක්ෂාවට මෙන්ම ඔවුන්ගේ වාසස්ථානයක් වූ මෙම කඩොලාන හුදෙක් ධීවර ජනතාවගේ පරම මිතුරෙක් බව අනාවරණය වේ.
විශාල ප්‍රමාණයේ මත්ස්‍යයින්ගේ ගොදුරෙන් මිදී තම වර්ගයාගේ ආරක්ෂාව සදහා කුඩා ප්‍රමාණයේ මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් කඩොලාන සම්පත සමීපයේ රැදෙමින් තම ප්‍රජනන ක්‍රියාවලිය ආරම්භක අවස්ථාවේ සිට බීජ ව්‍යාප්ත කිරීම දක්වා කාල පරාසය තුල කඩොලාන ශාකයේ මූල පද්ධතියේ ආධාරයෙන් මධ්‍යම ප්‍රමාණයේ පාත්ති තනාගෙන එහි වාසස්ථාන ගත මත්ස්‍යයින් තම වර්ගයා බෝකරන බවත්, ඔවුන්ගේ ප්‍රධාන ආහාරය බවට පත්ව ඇත්තේ කඩොලාන ශාකයේ දිරාපත් වන ශාක පත්‍ර ආහාරයට ගැනීමයි.
එපමණක් නොව ධීවර කර්මානතයේ වැඩිපුර ආදායම් ලබන්නේ ඉස්සන් හා කකුළුවන් යන සාගර සම්පත් නෙලා ගනිමිනි. ඉස්සන්ගේ අභිජනන ක්‍රියාවලිය සිදුවන්නේද කඩොලාන සම්පත ආශ්‍රෙයනි. මව් ඉස්සා තම වර්ගයා බෝ කිරීම සදහා වරකට බිත්තර ලක්ෂයක පමණ ප්‍රමාණයක් බිහිකරන බව ධීවර ප්‍රජාව පවසා සිටිති.
තවද ඔක්සිජන් නිෂ්පාදන ක්‍රියාවලියේ දී කඩොලාන ශාකයට හිමිවන්නේ සුවිශේෂ ප්‍රමුඛස්ථානයකි. මන්ද අනෙක් ශාක හා සැසදීමේ දී 100%ම ඔක්සිජන් නිෂ්පාදන ක්‍රියාවලියට දායක වීම හේතුවෙන් ඔක්සිජන් කාරකයක් වශයෙන් කඩොලාන ශාකය හැදින්විය හැක.
එපමණක් නොව මෙම ප්‍රදේශය වර්ෂාපතන කාල වකවානු වලදී ජලයෙන් යටවීම, ගං වතුර ගැලීම, අධික සුලගෙන් පීඩාවට පත්වන අවදානම් තත්වයන් ඇති අවස්ථාවල දී ස්භාවික ආපදාවන් මැඩලීමට කඩොලාන ශාකය මඟින් එල්ල කරන සෘජු බලපෑම අනන්ත අප්‍රමාණය.
2012 ජාතික රතු දත්ත පොතට අනුව දැනට මෙම පුත්තලම ප්‍රදේශය තුල කඩොලාන වර්ග 10 ක් පමණ හදුනාගෙන ඇති අතර වෑරිය, මන්ඩ, මහකඩොල්, යක් කිරල, මල් කඩොල් ඉන් ප්‍රධාන තැනක් හිමිකර ගනී.
වර්තමානයේ මෙම ප්‍රදේශය ඉස්සන් ගොවිපලවල් හා ලුණු ලේවා හිමියන්ගේ ග්‍රහණයට ලක්ව ඇති අතර කාසන්තිව්කාඩු ප්‍රදේශයේ රජය සතු ඉඩම් අක්කර දයහකට ආසන්න ප්‍රමාණයක ස්භාවික වෙරළ ආරක්ෂිත කඩොලාන සම්පත ලුණු ලේවා හා ඉස්සන් ගොවිපලවල් ඉදිකිරීම සඳහා ඉවක් බවක් නොතකා දිගින් දිගටම සිදුකරනු ලබන දැවැන්ත වන සංහාරයේ ඇතුළාන්තය සොයා එහි ගිය අපට දැක ගත හැකි වූයේ කඩොලාන ශාකයට විනකටින්නන්ගේ සිත්පිත් නැති පොරොව පහරින් දැවැන්ත වනස්පතීන් බිම හෙලා ඇති අයුරු මනාව හෙළිදරව් වීමත් සමඟ එහි සිදුව ඇති පාරිසරික හානි පූරකය ගණනය කල නොහැකි අයුරිනි.
මෙහි ජනයා ඉතා මෑත කාලයක සිට අවාසනාවන්ත ඉරණමකට මුහුණදී හමාරය. ඒ අන් කිසිවක් නිසාවෙන් නොව කලපුව සමීපයේ පිහිටා ඇති සුන්දර කඩොලාන පරිසරයට විනකටින්නන්ගේ රුදුරු අපලය දරුණු ලෙසම බලපා තිබීම නිසාවෙන් මොවුන් අද වන විට උග්‍ර පාරිසරික ගැටළු රැසක් කර පින්නාගෙන යන ජීවන ගමනේ කටුක බව ලොවට කියා පාන ඒ අමිහිරි අත්දැකීම ඉතාමත් ඛේදජනකය.
ඉස්සන් වගා ඉදිකරමින් ලුණු ලේවා නවීකරණය කරමින් අක්කර දසදහස් ගණනක කඩොලාන රක්ෂිතය වද කිරීමේ අමානුෂික ක්‍රියා කලාපය හේතුවෙන් ධීවර කර්මාන්තයට මහෝපකාරී වන කඩොලාන රක්ෂිතය සීඝ්‍රයෙන් වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති බව කියයි.
රජය සතු ඉඩම් මෙලෙස නීති විරෝධීව අත්පත් කර ගැනීමෙන් අනතරුව ඒ සදහා ව්‍යාජ ලිපි ලේඛණ සකසමින් ලුණු ලේවා සහ ඉස්සන් කර්මාන්ත ශාලා හිමියන්ට හොර රහසේම අලෙවි කිරීමේ මහා පරිමාණ ඉඩම් මංකොල්ලයක් මෙන්ම අක්‍රමිකතා රැසක් සිදුවන බවට පුත්තලම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු වන එස්.රවී කුමාර් මහතා රජයේ වගකිව යුතු බලධාරින්ට තරයේ චෝදනා කරති.
මෙම ප්‍රදේශයේ නම් දැරූ සංවිධානාත්මක හොර ඉඩම් ජාවාරම්කරුවන් පිරිසකගේ නොමිනිස් ක්‍රියාකාරකම් වල අනිසි ප්‍රථිඵලයක් ලෙස මොවුන් විසින් රජය සතු කඩොලාන සංරක්ෂීත අධි සංවේදී කලාපයටද, පිඹුරුපත් සකසමින් ව්‍යාජ බල පත්‍ර යොදා පිටස්තර ව්‍යාපාරිකයින්ට අලෙවි කිරීමේ කුට ජාවාරම නිසාවෙන් මේ වන විට එම ප්‍රදේශයේ වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති කඩොලාන සම්පූර්ණයෙන් විනාශයට ලක්ව ඇති බවට ප්‍රදේශවාසීන් මැසිවිලි නගති.
මෙම ඉඩම් මංකොල්ලය පසු පස දේශපාලන මෙන්ම පරිපාලන අංශවලද නොමද සහය මේ හොර නඩයට නිරන්තරයෙන් පිටුවහලක් බවට පත්ව තිබීම පුදුමය දනවන්නක්ව තිබේ. ඒ අනුව වන සංරක්ෂණ නිලධාරින්ගේ පරම වගකීම සහ අයිතිය යුතුකම පැහැර හරිමින් හොර ඉඩම් ජාවාරම්කරුවන්ගේ පොරවට පන්නරය තියා කඩොලාන කපන දෙස බලා මුණිවත රැකීම පුදුමයට මෙන්ම හාස්‍යයට කරුණක්ව තිබේ.
දේශපාලන අංශයෙන් හෝ පරිපාලන අංශයෙන් ඔවුන් තරයේ ඉල්ලා සිටින්නේ කාන්තාර කරණයට අතවනන පුත්තලම කාසන්තිව්කාඩු ප්‍රදේශයේ ශාරය උරා බොන ඉස්සන් වගා ඉදිකරන්නන්ගේ ග්‍රහණයෙන් මුදා මතු පරපුරේ අනාගතය වෙනුවෙන් කඩොලාන සම්පත රැක ගැනීමට කටයුතු කරන ලෙස ඉහල බලධාරින්ගේ කාරුණික අවධානය යොමු නොකර. අදාල වග කිව යුතු බලධාරින් මෙම ඉඩම් මංකොල්ලයේ අනුබල දෙන්නන් බවට පත්ව තිබීම නිසාවෙන් ‘‘ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ’’ යැයි කියන සමහර ඇත්තෝ ඉල්ලා සිටින්නේ පරිසරයට විනකටින මෙවැනි ක්‍රියා සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කරන්නේනම් නුදුරේදී කාන්තාරකරණයට අතවනමින් සිටින පුත්තලම කාසන්තිව්කාඩු කඩොලාන ග්‍රහනයෙන් පිරුණ ප්‍රදේශයක් බවට පත් කල හැකි බවයි.
වගකිව යුතු පාර්ශව කැඳවා තිබෙනවා - පුත්තලම ප්‍රාදේශිය ලේකම් සංජීවනි හේරත්
ඇත්තටම ඔය කියන ප්‍රදේශය මගෙ බල ප්‍රදේශයට අයති කොටසක් නමුත් පොඩි ගැටළුවක් තියෙනවා. ඒ මොකක්ද කියනවනම් කඩොලාන සංරක්ෂිත කලාපය එසේත් නැතිනම් කලපුව ආශ්‍රිත කඩොලාන ගහන ප්‍රදේශ සතු ඉඩම් රජය සතු උනත් වන සංරක්ෂනය භාරයේ තමයි පාලනයක් සිද්ධ වෙන්නෙ. නමුත් අපි රජයෙ බලධාරින් විදියට මෙවැනි විනාශයක් කිසිසේත්ම සිදුවෙන්න ඉඩ තැබීම නරකයි. ඒ නිසා මම වහාම ක්‍රියාත්මක වන පරිදි වසම භාර ග්‍රාම නිළධාරි වරයාව ලිඛිතවත් වාචිකවත් දැණුවත් කලා ඒ සිදුවෙලා තියෙනව සංහාරය පිළිබද වහාම මට වාර්තා කරන්න කියලා ඒ විතරක් නෙමෙයි. අදාළ හානි පූර්කය සිදුකල පුද්ගලයා මගෙ කාර්යාලයට කැඳවාගෙන එන්න කියලා මම උපදෙස් දීලා තියෙනවා. අපි මේ පිළිබඳ වන සංරක්ෂණ නිලධාරින් දැණුවත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. ඔබ තුමාට බෙහෙවින් ස්තූතියි මේ පිළිබද දැනුවත් කිරීම සම්බන්ධයෙන්
විමර්ශන ආරම්භ කර තිබෙනවා - පුත්තලම අඩවි වන නිළධාරි කාර්යාලයේ වන ක්ෂේත්‍ර සහකාර ජේ.එම්.එස්.ජයසුන්දර
අපි ඔය සිද්ධිය කලින් වාර්තා කරලා තියෙන්නෙ. නමුත් අපි නැවත වතාවක් ඔය කියන ස්ථානය බැලීමට ඔරුවක් ආධාරයෙන් ගියා ගිහින් නිරික්ෂණය කලා පවතින ජල මට්ටමත් එක්ක අපිට නිශ්චිතවම කියන්න බැහැ මේ කොටසෙ අක්කර කීයක් තියෙනවද කියලා තව දෙයක් තමා විශාල හානියක් සිදු කරලා තියෙනවා මේ පිළිබද අපි විමර්ශණයක් කරගෙන යනවා. මීට කලින් මෙවැනි හානියක් සිදුකරපු පිරිසකට අපි අධිකරණය හමුවේ නඩු පවරලා නෛතික ඔවුන්ට විරුද්ධව නෛතික ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කලා. මේකෙ සම්පූර්ණ අයිතිය තියෙන්නෙ අපිට ඒ නිසා මෙවැනි වන සංහාරයන් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ලෙස අපි නෛතික ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරනවා ඔවුන්ට විරුද්ධව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරනවා. මේ සංහාරයට සම්බන්ධ සැකකරුවන් කව්රුන්ද කියා සොයා ගෙන නැහැ මේ වන තුරු නමුත් ජල මට්ටම බැස යාමත් සමග සැකකරුවන් සොයා අපි පුළුල් පරික්ෂණ ආරම්භ කරනවා.
කේ.ප්‍රියංකර