වත්තල ඇලකන්ද ප්‍රදේශයේ පිහිටි ලැගුම් හලක අයිස් මත්ද්‍රව්‍ය විකිණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලැගුම් හල සේදවත්තේ කසුන් නමැති අපරාධකරුට අයත් වූවක් බව සැලකේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව අයිස් මත්ද්‍රව්‍ය 10g කට අධික ප්‍රමාණයක් තිබී ඇත.
සැකකරු වැලිසර අධිකරණයට ඉදිරිපත් කර දින 7 රැදවුම් නියෝග මත සිදුකරනු ලැබූ ප්‍රශ්ණ කිරීම් වලදී වැදගත් කරුණු රැසක් අනාවරණය විය.
- හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සම්බන්ධීකරන ලේකම්වරයාට කඳාන ප්‍රදේශයේදී වෙඩි තැබූ සිද්ධියේ යතුරුපැදි කරු ලෙස කටයුතු කිරීම
- ප්‍රදේශ රැසක රන් භාණ්ඩ කොල්ලකෑම්
- අගෝස්තු මස 07 වන දින හරක් බබා නැමති අයගේ නිවසටම ගොස් වෙඩි තැබීම
කොණ්ඩ රංජි හා චූටි මල්ලි නම් අපරාධකරුවන්ගේ අවශතා වලට අනුව මොහු අපරාධ සිදුකර ඇති අතර සැකකරු අයිස් මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි වූවෙකි.