Language Switcher

Ad

Ad 01

V2025

නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල...

ප්‍රංශය, ඉන්දියාව සහ ශ්‍රී ලංකා සිනමා පට ඇතුළත් චිත්‍රපට උළෙලක්, අද සහ හෙට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වෙයි.

එය සංවිධානය කරන්නේ, චිත්‍රපට උරුම පදනම, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සහ ප්‍රංශ තානාපති කාර්යාලය ඒකාබද්ධවයි.

FISCH හෙවත් ප්‍රංශ - ඉන්දීය සහ ශ්‍රී ලංකා සිනමා උරුම ව්‍යාපෘතිය යටතේ මෙම චිත්‍රපට උළෙල පැවැත්වෙයි.

ප්‍රංශය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල ප්‍රතිසංස්කරණය කරන ලද චිත්‍රපට 7 ක් මෙම උළෙලේදී තිරගත වෙයි.

නොමිලේ පැවැත්වෙන මෙම චිත්‍රපට උළෙලට, ඕනෑම අයෙකුට සහභාගී විය හැකියි.