නෙක්ස්ට්ජෙන් හොකී සංවර්ධන සමාජය සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් තරඟාවලිය නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා හොකී ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලෙස ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් වෙබ් පිටුව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ සුරතින් අද දින (24 දා ) අන්තර්ජාලයට මුදාහැරිණි.
මෙම අවස්ථාවට Servo IOC සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ප්‍රශන්ත් රවුට් සහ නෙක්ස්ට්ජෙන් හොකී සංවර්ධන සමාජයේ සාමාජිකයන් ද සහභාගී විය.