සෙව්වන්දිට නීති පොත දුන් මහර උසාවියේ නීතිඥවරියත් කොටුවෙයි - තවත් නීතිඥයකු පසුපසත් පන්නයි !

සෙව්වන්දිට නීති පොත දුන් මහර උසාවියේ නීතිඥවරියත් කොටුවෙයි - තවත් නීතිඥයකු පසුපසත් පන්නයි !

පාතාල කල්ලි නායක ගනේ මුල්ල සංජීව නැමැත්තා ඝාතනය කිරීමට නීතිඥ වෙස් ගෙන පැමිණි ඉෂාරා සෙව්වන්දි නමැත්තියට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දුන් බව පැවසෙන නීතිඥවරියක් ඊයේ (28) පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.


මහර උසාවියේ සේවය කරන මෙම නීතිඥවරිය කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඉෂාරා සෙව්වාන්දි නමැති සැකකාරිය එම ඝාතනය සඳහා රැගෙන ආ පිස්තෝලය සඟවා ගෙන පැමිණියේ දණ්ඩ නීති සංග්‍රහයේ පිටුපතක මැද කපා තනාගෙන තිබූ රහස් කුටීරයකය.

සැකකාරිය එම පිස්තෝලය සැඟවූ දණ්ඩ නීති සංග්‍රහයේ පිටපත නීතිඥයෙකු ලෙස වෙස් ගෙන පැමිණි වෙඩික්කරුට ලබා දී තිබූ බව විමර්ශනවලදී හෙළි විය.

අත්අඩංගුවට ගනු ලැබූ නීතිඥවරිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේම පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව මහර අධිකරණයේ ම සේවය කරනු ලබන නීතිඥ වරයකු සම්බන්ධයෙන් ද පොලිස් විමර්ශකයින්ගේ අවදානය යොමුව ඇතැයි පැවසේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න