දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ නාගරික මන්ත්‍රීන්ගේ නිල කාමරයේ ස්ථාපිත කර තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නගර සභා බලධාරීන් විසින් හදිසියේම ඉවත් කිරිිම පසුගියදා මහත් ආන්දෝලනයට තුඩු දුන් සිදුවීමක් විය.
මේ සම්බන්ධයෙන් නගර සභා බලධාරීන්ගෙන් විසදුමක් අපේක්ෂා කලත් ඔවුන් ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කල බැවින් ප්‍රදේශයේ බෞද්ධ සැදැහැවතුන් සහ සිංහල බෞද්ධ අනන්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින නව ජනතා පෙරමුණ දේශපාලන පක්ෂයේ මෙහෙයවීමෙන් අද දින එම බුදුරුව නැවතත් ස්ථාපිත කිරීම සිදුකෙරිණි
දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානයේ සිට සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයා රතන නාහිමියන් සහ නව ජනතා පෙරමුණේ ප්‍රධාන අනුශාසක වැල්ලම්පිටියේ සුමනධමිම හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ගිහි පින්වතුන් පෙරහරින් බුදුරුව වඩම්මා නගර සභාවේ ඊට පෙර බුදුරුව පැවති ස්ථානයේම නැවතත් තැන්පත් කරන ලදි.
මේ අවස්ථාවට නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත ඇතුළු දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන්ද සහභාගි වූහ.
අනතුරුව බෞද්ධාගමික වතාවක් පවත්වා පුන්‍යානුමෝදනාවක්ද සිදුකෙරිණි.


