ඔලුවිල් විශ්වවිද්‍යාලයේ ඇතැම් ආචාර්යවරුන්ට ලිංගික අල්ලසක් දුන්නේ නැතිනම් විභාග සමත්වීමට නොහැකි තත්ත්වයක් තිබෙන බවට වාර්තා වී ඇතැයි උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී මේ බව පවසා ඇත.
සමහර සිසුවියන් සහ ඔවුන්ගේ මවුපියන් මේ පිළිබඳව අමාත්‍යංශය වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බවත් ඒ පිළිබඳව අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙන බවද ඔහු පවසා ඇත.
එසේම එම විශ්වවිද්‍යාලයේ කටයුතු කරන ආලිෆ් නම් ආචාර්යවරයා සම්බන්ධව දිගින් දිගටම පැමිණිලි එන බවත් ඔහු කෙළින්ම සිසුවියන් අමතා ලිංගික අල්ලසක් නැත්නම්, විභාගය අසමත් කරනවාය කියා ඇති බවට දැනගන්නට ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.

