වෙඩි තැබීමක් සම්බන්ධව ව්‍යාජ රංගනයක් ඉදිරිපත් කල සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි වෛද්‍ය සමීර සේනාරත්න මේ මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වරයා ඊයේ (09) නියෝග කර ඇත.
වෙඩි තැබීමක් සම්බන්ධව පොලිසියට ව්‍යාජ පැමිණිල්ලක් කරමින් ව්‍යාජ ප්‍රකාශයක් දීම සහ කුමන්ත්‍රණය මෙන්ම ගිනි අවි ආඥා පනත යටතේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය ඊයේ පෙරවරුවේ අදාළ චෝදනා පැහැදිළිකර දෙමින් සමීර සේනාරත්න අත්අඩංගුවට ගෙන තිබිණ.
වෛද්‍ය සමීර සේනාරත්න ගමන්ගත් මෝටර් රථයට 2017 වසරේ පෙබරවාරි 06 වනදා සයිටම් ආයතනය ආසන්නයේදි වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර එය හිතා මතාම සැලසුම් සහගව සිදුකරන ලද සිදධියක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර කඩුවෙල නාගරික මන්ත්‍රී ලක්මාල් විලත්ගමුව අත්අඩංගුවට ගෙන තිබිණි.