අග්‍රාමාත්‍ය සොයුරු ශාන් වික්‍රමසිංහගේ දියණිය මෙන්ම TNL මාධ්‍ය ජාලයේ අධ්‍යක්‍ෂිකාව වූ ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ජුලි 01දා සිට තම පෞද්ගලික ලේකම්ධූරය සඳහා පත්කර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කර ඇත.
TNL රූපවාහිනියේ පොල්ගහවෙල විකාශන කුළුණට සීල් තැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙන අතර TNL සිදුවීම සම්බන්ධව තමන් බලවත්සේ කණගාටු වන බවත් නිදහස් සහ වගකිව යුතු මාධ්‍යයක් වෙනුවෙන් රජය ඇපකැප ව සිටින බවද අවධාරණය කර ඇත.
සියලුම මාධ්‍ය රජයට විරුද්ධව කරුණු දක්වමින් විපක්ෂයට වැඩි විකාශන කාලයක් ලබා දී ඇති බවත් එසේ වුවත් ආණ්ඩුව සෑම මාධ්‍යයක් සමඟම සහයෝගයෙන් කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
සිරස ආයතනය රජයට සහ අගමැතිවරයාට පෞද්ගලිකව පහර දුන්නත් ආණ්ඩුව ඔවුන්ට බාධා කර නොමැති බවත් එම ආයතනය තමන්ටද දැඩි ලෙස ප්‍රහාර එල්ල කළ බවද සඳහන් කර ඇති අමාත්‍යවරයා කෙසේ වුවත් තමන් එජාප උප සභාපතිවරයා ලෙස පත්ව ඇති බව දැනගෙන කිලි මහරජා මල් පොකුරක් එවා තිබූ බවද සඳහන් කර තිබේ.
මංගල සමරවීර මහතා තැපැල් හා මාධ්‍ය අමාත්‍ය ධුරය දැරූ වකවානුවේ දී ඔහුගේ මාධ්‍ය උපදේශකවරිය ලෙස ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය කටයුතු කර ඇත.

