අගමැති රනිල්ගෙන් මහින්දට අභියෝගයක් !

අගමැති රනිල්ගෙන් මහින්දට අභියෝගයක් !

බලයේ සිටියදී ණය ලබාගෙන ලෝක වාර්තාවක් තැබූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමන් නැවත බලයට පැමිණ රටේ බදු 20% කින් අඩු කරන බව ප්‍රකාශ කර තිබෙන බවත්, එලෙස බදු අඩු කරන්නේ කෙසේදැයි ඔහු රටට හෙළි කළ යුතුව  ඇතැයි  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා විසින්  හිටපු ජනාධිපතිට  මේ අභියෝගය ඉදිරිපත් කර ඇත්තේ පසුගියදා  රංවල ඇස්වත්ත පාලම විවෘත කිරීමේ උත්සවයේදීය.

හිටපු ජනාධිපතිවරයා තම පාලන කාලය තුල ශ්‍රී ලංකාවේ ණය මුදල රුපියල් බිලියන 7391 දක්වා වැඩි කළ බවද මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදී ඇති අතර ඒ අනුව එම පාලන කාලය තුල ශ්‍රී ලංකාවේ ණය මුදල තුන් ගුණයකින් වැඩි කිරීමේ වාර්තාවට හිටපු ජනාධිපතිවරයා හිමිකම් කියන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා වර්තමානයේ ඒ පව් ගෙවීමට සිදුව තිබෙන්නේ රටේ මහජනතාවට බව ද සිහිපත් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, 2015 අප ආණ්ඩු බලය ලබාගන්නා විට සංවර්ධන කටයුතු සඳහා රටේ මුදල් තිබුනේ නැහැ. රාජපක්ෂ පාලනය ආරම්භ කළ සංවර්ධන කටයුතු වෙනුවෙන්ද මුදල් ගෙවමින් අප දැන් රටේ සංවර්ධනය ආරම්භ කර තිබෙනවා. අප එම සංවර්ධන කටයුතු ආරම්භ නොකළා නම් මෙවැනි පාලමක් ඉදිකිරීමට අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒවාගේම මෙම ප්‍රදේශයට මෙවැනි සංවර්ධනයක් උදා වෙන්නෙත් නැහැ.

රටේ ණය තුන් ගුණයක් කිරීමේ වාර්තාව මහින්දට 

අප ආණ්ඩුව බාර ගන්නා විට මෙම වැඩකටයුතු සිදුකිරීමට නොහැකි වේයැයි බොහෝ දෙනා කල්පනා කළා. නමුත් ඒ සියලූ අර්බූදවලට නොබියව මුහුණ දෙමින් අප ශක්තිමත් ආර්ථිකයක් අද ගොඩනගා තිබෙනවා.

2005 වන විට ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 58ක් ගතවී තිබුණා. ඒ වන විට ශ්‍රී ලංකාවේ ණය මුදල ලෙස සඳහන් වූයේ රුපියල් බිලියන දෙසිය විසිදෙකක මුදලක්. ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්වුණා. 2015 දී යහපාලන රජය බලයට පත්වන විට ශ්‍රී ලංකාවේ ණය මුදල රුපියල් බිලියන හත්දාස් තුන්සිය අනු එකක් දක්වා ඉහල ගොස් තිබුණා. එසේ නම් එම කාලය තුල අපේ රටේ ණය මුදල තුන් ගුණයකින් වැඩි කිරීමේ වාර්තාව එතුමා සතුයි. කිසිම වාද විවාදයකින් තොරව එම වාර්තාවේ හිමිකම මම එතුමාට භාර දෙනවා.

බදු වැඩි කිරීමට වූ හේතුවත් මහින්ද 

නමුත් අප බදු මුදල් වැඩිකලේ මෙම යහපාලන ආණ්ඩුව ලබාගත් ණය පියවීම සඳහා නොවෙයි. එසේත් නැතිනම් 2002 වර්ෂය වනතුරු පැවති යූඑන්පී හෝ ශ්‍රී ලංකා ආණ්ඩුවල ණය ගෙවීම සඳහා නොවෙයි. ඒ සියල්ල අප සිදු කළේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ලෝක වාර්තාවක් වූ ණය මුදල ගෙවීමයි.

බඩු මිල වැඩිවී තිබෙන බව බොහෝ දෙනා පවසනවා. මේ නිසා ඇතමුන් ආණ්ඩුවට බණිනවා.  2023 වන විට අප කෙසේ හෝ මෙම ණය මුදල ගෙවා අවසන් කළ යුතුයි. එසේ නොවුනහොත් රටේ තරුණ තරුණියන්ට අනාගතයක් නැති වෙනවා. මෙම පැනවූ බදු මුදල් නැවත සංශෝධනය කිරීමට අප අවධානය යොමු කරනවා. ඉන් ජනතාවට ඇතිවන බර අඩු කිරීමට අප කටයුතු කරනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න