TNL අවහිර කිරීමට මගේ සම්බන්ධයක් නෑ - ජනාධිපති

TNL අවහිර කිරීමට මගේ සම්බන්ධයක් නෑ - ජනාධිපති

ටී.එන්.එල්. රූපවාහිනියේ පොල්ගහවෙල විකාශනාගාරය අවහිර කිරීමට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසා ඇත.

පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති අතර  එම කටයුත්ත ආයතනික මට්ටමින් ගත් එකක් බවත් රටේ නීතිය ක‍්‍රියාත්මක වීමේදී කාටත් පොදු බවත් එහිදී සඳහන් කර ඇත.

එසේම ආයතනවලට බලය ලබා දී ඇති බවත් ඒ අනුව ඒවායේ නිලධාරීන් කටයුතු කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන අතර ඒ හැර තම පුද්ගලික බලපෑමක්‌ හෝ සම්බන්ධයක්‌ ටී.එන්.එල්. නාලිකාව අවහිර කිරීමට කිසිසේත්ම නැතැයිද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. 

දින 100 ගැන දන්නෙ නෑ කිව්වේ නෑ !

මෙහිදී සෝභිත හිමියන්ගේ ගුණ සමරු උලෙලේදී ජනාධිපතිවරයා විසින් දින 100 වැඩසටහන සම්බන්ධව දැක්වූ අදහස් ගැනද විමසා ඇති අතර  ඊට ජනාධිපතිවරයා මෙසේ ප්‍රතිචාර දක්වා ඇත.

‘දින 100 වැඩපිළිවෙළ පිළිබඳව මම පසුගිය දවස්‌වල පැහැදිලි කළා. රජයක්‌ විදියට එවකට තිබුණේ දින 100 හදා ගන්න එක නොවේ. පාර්ලිමේන්තුවේ 47 ක්‌ තියාගෙන, එක්‌සත් ජාතික පක්‌ෂයට දින 100 තුළ තිබුණා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කරන්න, තුනෙන් දෙකේ ඡන්දය ලැබිය යුතු පනත් සම්මත කරන්න, දුම්කොළ, මද්‍යසාර, ඖෂධ පිළිබඳ පනත් සම්මත කරන්න. ඒ ඔක්‌කොම අපි සම්මත කළේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්. අද ඒ දේවල් අමතක වෙලා. මතක තිබුණත් ඒ දේවල් නොමැති බව පෙන්වමින් සමාජයට වෙන දෙයක්‌ පෙන්වන්න හදනවා. සමහරු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය මම භාරගත් නිසා මේ ආණ්‌ඩුවට ප්‍රශ්න ගොඩක්‌ වුණා කියන්න කියලා හදනවා.

මම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය භාරගත් නිසා තමයි, දින සියයේ වැඩපිළිවෙළේ බොහෝ දේවල් කරන්න පුළුවන් වුණේ. මම එදා කතාවේදී කිව්වේ, දින සියයේ වැඩපිළිවෙළ මම දන්නේ නැහැ කියලා නෙමේ… මේක හැදුවේ කවුද කියලා මම දන්නේ නැහැ කියලයි. ඒත් මගේ දේශපාලන විරුද්ධවාදීන්, ඇතැම් වෙලාවට මාධ්‍ය මේක සම්පූර්ණ විකෘති කරලා මේක මම දන්නේ නැහැ කියලා මම කිව්වා කියලා ප්‍රචාරය කළා. නමුත් මම පැහැදිලිව කිව්වේ මේ වැඩපිළිවෙළ හැදුවේ කවුද කියලා මම දන්නේ නැහැ කියන එකයි.

අපි ඒක ක්‍රියාත්මක කළා. ඇත්තටම ක්‍රියාත්මක කරන්න තිබ්බේ ඒක නෙමෙයි හරිනම්. මම ජනාධිපති ධුරයට පත්වුණු ගමන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නයි තිබුණේ. එහෙම කළා නම් මේ තියෙන ගොඩක්‌ ප්‍රශ්න නැහැ. අලූත් පක්‌ෂ හැදෙන්නෙත් නැහැ’

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න