සුදර්ශනී පරදවපු හේතුව : ප්‍රසන්න හෙළිකරයි

සුදර්ශනී පරදවපු හේතුව : ප්‍රසන්න හෙළිකරයි

නියෝජ්‍ය කථානායක තේරීමේ ඡන්දයේදී තමා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්දය ලබා නොදුන්නේ සීදුව නගර සභාව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා ඔවුන්ගේ සහය හිමිවූ නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.

ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරුන් 16 දෙනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පොහොට්ටුව හෝ වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යන දෙකෙන් එකක් තෝරාගත යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

කෙසේ වුවත්  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය නියෝජ්‍ය කතානායක ජන්දය සඳහා ඉදිරිපත් වූයේ මහින්ද රාජපක්ෂගේ අනුදැනුමද ඇතිව බව ප්‍රසිද්ධ කාරණයකි. ඒ බව මන්ත්‍රීවරිය මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විමල්, ගම්මන්පිල මෙන්ම වාසු වැනි මන්ත්‍රීවරුන්ද අවධාරණය කර ඇත.

එසේම ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක්  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියට සහය නොදීම හේතුවෙන් විමල්,ගම්මන්පිල, වාසු ඇතුළු පිරිස ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ හමුවක්ද වර්ජනය කර සිටියේ ඊට විරෝධය දැක්වීමක් වශයෙන්ය.

තවද පසුගිය විශ්වාසභංග යෝජනාව ගෙනා  අවස්ථාවේ ප්‍රසන්න සහ මේ කණ්ඩායම අතර දරුණු බහින්බස් වීම් මෙන්ම ගුටි බැට හුවමාරුවකට ආසන්න සිදුවීම් ඇතිවූ බවද දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසකි. ඒ මේ කිසිඳු පාර්ශවයක පෞද්ගලික ආරවුල් හෝ දේශපාලන ප්‍රතිපත්තිමය ප්‍රශ්න නොවේ. ප්‍රසන්න ඇතුළු පාර්ශවය බැසිල්වාදීන් වන අතර  ඒ අනුව මේ  බැසිල් - ගෝඨා දේශපාලන බල පොරයේ ප්‍රතිථලයකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න