උතුරු නැගෙනහිර සංවර්ධනය මෙහෙයවන්න : විශේෂ කාර්ය සාධන බලකායක් !

උතුරු නැගෙනහිර සංවර්ධනය මෙහෙයවන්න : විශේෂ කාර්ය සාධන බලකායක් !

උතුර - නැගෙනහිර පළාත් වල සංවර්ධන කටයුතු මෙහෙය වීමට හා අධීක්ෂණය කිරීමට 48 දෙනෙකුගෙන් යුත් කාර්ය සාධන බලකායක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ගැසට් නිවේදනයකින් පත් කර ඇති එම කාර්ය සාධන බලකායේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා පත්ව සිටින අතර  අගමැතිවරයා ද ඇතුළුව තවත් කැබිනට් අමාත්‍යවරු 15ක්, පළාත් දෙකේ ආණ්ඩුකාරවරු හා පළාත් ප්‍රධාන අමාත්‍යවරු දෙදෙනා , අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු කිහිපදෙනෙක් සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගෙන් එම කාර්ය සාධන බලකාය සමන්විතව ඇත.

යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු නැගෙනහිර පළාත් වල සංවර්ධන කටයුතු ආරම්භ වූ අතර ඒවා කඩිනම් කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව මෙම කාර්ය සාධන බලකාය විසින් උතුරු හා නැගෙනහිර පළාත් වල ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ සොයා බලන අතර තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු නව ව්‍යාපෘති සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීමට නියමිතව ඇත.

අදාළ ප්‍රදේශවල ප්‍රමුඛ අවශ්‍යතා පිළිබඳ සලකා බලමින් එම ක්ෂේත්‍ර සහ පුද්ගල කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක අතර  මෙම සංවර්ධන ව්‍යාපෘති වල ආයෝජනය කිරීම සඳහා පෞද්ගලික අංශයට දායක විය හැකි බවත් එය ද්විපර්ෂික හෝ බහුපාර්ශ්වික විය හැකි බවද වාර්තාවී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න