හින්දු කටයුතු "මුස්ලීම්" වීම ගැන මනෝ අවුලෙන්

හින්දු කටයුතු "මුස්ලීම්" වීම ගැන මනෝ අවුලෙන්

හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය මුස්ලිම් මන්ත්‍රීවරයෙකුට ලබාදීම අනවශ්‍ය ගැටලු නිර්මාණය කිරීමක් බව ජාතික ඒකාබද්ධතා, සංහිඳියා හා ජාතික භාෂා පිලිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කරයි.

එසේම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට කටයුතු කල බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී එම නියෝජ්‍ය අමාත්‍යධුරය වෙනස් වීමට ඉඩ ඇති බවද  අමාත්‍යවරයා  අමාත්‍යවරයා පවසයි.

 මේ සම්බන්ධයෙන් උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් ද ඇතුළුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්,  මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ,ටෙලෝ සංවිධානයේ මහලේකම් පී. උදයරාසා, ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්තන් ද මෙම පත් කිරීමට විරෝධය පළකර ඇත.

කෙසේ වෙතත්, නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ ඊයේ (12) දිවුරුම් දුන් එක්සත් ජනතා නිදහස් සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් පවසා ඇත්තේ  තමාට ඡන්දය ලබාදුන් පිරිස් අතර හින්දු ජනතාව ද සිටින බවත් නියෝජ්‍ය අමාත්‍ය ධුරය එම ජනතාවට සේවය කිරීම සඳහා ලද අවස්ථාවක් ලෙස සලකන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න