ජුනි මාසයේ විභාග ගැන : විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් ! 

ජුනි මාසයේ විභාග ගැන : විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් ! 

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින්  2018 ජූනි මස පැවැත්වීමට සංවිධානය කරන ලද සියලු විභාග නියමිත පරිදි පැවැත්වෙන අතර පවතින තැපැල් වර්ජනය හේතුවෙන් සුදුසුකම්ලත් විභාග අපේක්ෂකයෙකුහට ප්‍රවේශපත්‍ර නොලැබුණ ද විභාගය සඳහා පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි.

නිවේදනයක්  නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇති අතර කිසියම් අපේක්ෂකයෙකුට විභාග  ප්‍රවේශපත්‍ර නොලැබී ඇත්නම් නම් පහත සඳහන් දුරකථන අංකවලින් විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාව විමසන ලෙසද එහි සඳහන් කර ඇත. 

දුරකථන අංක         011 2785230/011 277075                                                   ෆැක්ස් අංක             011 2784232

 එමෙන්ම අදාළ විභාග සඳහා ඊට පෙනී සිටින අයදුම්කරුවන්හට විභාග දිනය හා විභාග මධ්‍යස්ථාන සඳහන් කෙටි පණිවිඩයක් අයදුම්පත්‍රයේ සඳහන් දුරකථනයට ලැබෙනු ඇති බවත්, මේ දිනවල අයදුම්පත්‍ර කැඳවා ඇති විභාග සඳහා විභාග ගාස්තු ගෙවීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් පහසුකම් සලසා ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න