ඥාණසාර හිමියන්ට දඬුවම් නියම කිරීම අද

ඥාණසාර හිමියන්ට දඬුවම් නියම කිරීම අද

හෝමාගම අධිකරණය තුළදී  මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණ තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු බවට තීරණය කොට ඇති බොදුබල සේනා සංවිධාධනයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දඬුවම් නියම කිරීම අද  (14) හෝමාගම මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී සිදුකිරීමට නියමිතය.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් මරා දමන ලදැයි කියන සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට ඇති යුදහමුදා බුද්ධි අංශ සාමාජිකයින් නවදෙනෙකු හෝමාගම මහෙස්ත‍්‍රාත්වරයා ලෙස කටයුතු කළ දැනට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා ලෙස කටයුතු කරන රංග දිසානායක මහතා විසින් තවදුරටත් රිමාන්ඞ් බාරයට පත් කළ අවස්ථාවේදී ඥාණසාර හිමියන් අධිකරණය තුළට පැමිණ අධිකරණයට අපහාස වන අන්දමින් බැණ වැඳී ඇති අතර ඉන් අනතුරුව එහි සිටි මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කොට ඇති බව නඩු විභාගයේදී සඳහන් විය.

සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ඇය හෝමාගම පොලිසියට පැමිණිලි කොට ඇති අතර අධිකරණයට අපහාස වන අන්දමින් හැසිරීම සම්බන්ධයෙන් එවකට හෝමාගම මහෙස්ත‍්‍රාත්වරයා ලෙස කටයුතු කළ රංග දිසානායක මහතා අභියාචනාධිකරණයට පැමිණිලි කොට ඇත.

සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවන්ට විත්තිකාර හිමියන් වරදකරු බව නඩු විභාගය අවසානයේදී තීරණය කළ මහෙස්ත‍්‍රාත්වරයා දඬුවම් නියම කිරීම ජුනි 14ට කල්තබා තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න