නව පක්ෂයක් වුවද බිහි කිරීමට තම කණ්ඩායම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (13) පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලගේ නිවසේ පැවති ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය අමතමින්ය.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩිනමින් ආණ්ඩුවෙන් ඉවත් කරගැනීම තම කණ්ඩායමේ මූලික අරමුණ බවද මෙහිදී මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
මේ අතර එම සාකච්ඡාවට සහභාගීවූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කර සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව නැවතත් බලයට ගෙන ඒම බහුතර ජනතා අදහස වන බවය.

