ශ්‍රීලනිප 16 ට : ප්‍රසන්නගෙන් කුමන්ත්‍රණ චෝදනාවක් !

ශ්‍රීලනිප 16 ට : ප්‍රසන්නගෙන් කුමන්ත්‍රණ චෝදනාවක් !

ආණ්ඩුවෙන් ඉවත්වු ශ්‍රීලනිප  16 දෙනාගේ කණ්ඩායම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බවට ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග චෝදනා කරයි.

උඩුගම්පොල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙසේ චෝදනා කර ඇත.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  පසුගිය පාර්ලීමේන්තු මැතිවරණයේදී  අගමැති කළ යුතු බව තම පාර්ශවය යෝජනා කල නමුත් එය ශ්‍රීලනිප 16 කණ්ඩායමට තේරී ඇත්තේ මැතිවරණයෙන් වසර තුනකට පසුව බවද ඔහු සඳහන් කර ඇත.

මීලඟ ජනාධිපතිවරණයේ අපෙක්ෂකයා ලෙස විවිධ නම් යෝජනා කර තිබුණත්  රටේ ජනාතාවට අවශ්‍ය වේලාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කරනු ඇති බවත් ඔහු සංවේදී ජනාධිපතිවරයෙකු බැවින් ජනතාවට අවශ්‍ය නායකයා නම් කිරීම එහිදී සිදුවනු ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න