ජනාධිපති සමාව ඉල්ලන්නේ නෑ : ඒත්, සිදුව ඇත්තේ අසාධාරණයක් !- ඩිලන්ත

ජනාධිපති සමාව ඉල්ලන්නේ නෑ : ඒත්, සිදුව ඇත්තේ අසාධාරණයක් !- ඩිලන්ත

සිරගතකොට සිටින  බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙතින් ඉල්ලා නොසිටින බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය  ඩිලන්ත විතානගේ සඳහන් කර ඇත.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙන අතර  සමාවක් නොයිල්ලා සිටියත් උන්වහන්සේට සිදුව ඇති අසාධාරණය ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් තේරුම්ගෙන ඒ අනුව කටයුතු කළයුතු බවද ඔහු සඳහන් කර ඇත.

එසේම විවිධ පාර්ශව  සිරගතකොට සිටින  බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා කටයුතු සිදුකරමින් සිටියත් බොදුබල සේනා සංවිධානය ඊට සම්බන්ධ නොමැති බවද එම සංවිධානය සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න