බිලියන ගණනක පාඩුවක් : කෙලවරපිටිය චීනට දෙන්න කැබිනට් පත්‍රිකාවක් එයි !

බිලියන ගණනක පාඩුවක් : කෙලවරපිටිය චීනට දෙන්න කැබිනට් පත්‍රිකාවක් එයි !

බරපතල මුල්‍ය අක්‍රමිකතාවක් තුළ සිදුවන බවට සැකසංකා මතුව තිබෙන කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වාභාවික වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව  චීන සමාගමකට පැවරීම සඳහා වන කැබිනට් පත්‍රය  2018/06/19 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව අනාවරණය කර සිටියි.

එසේම  රටට මිලියන ගණනක් අහිමිවන  මෙම ගනුදෙනුව පිටුපස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ප්‍රබල ජේෂ්ඨ ඇමතිවරයෙකු සිටින අතර මෙම ටෙන්ඩරය සදහා ඔහුට ලබා දී ඇති අල්ලස් මුදල මිලියන සියයක් බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

තවද එම නිවේදනයට  අනුව  අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ හා විදුලි බල ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් මෙම ටෙන්ඩරය චීන සමාගම වෙත පිරිනැමීමට අදාල කැබිනට් පත්‍රය සකස්කර ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත්තේ   බලාගාරයේ ඉදිකිරීම් වෙනුවෙන්  ටෙන්ඩර කැඳවූ අවස්ථාවේ  අඩුම මිලගණන් ඉදිරිපත් කර ඇති  සමාගමක් වන ලක්දනව් සමාගම වෙත  එය පිරිනැමීමට තාක්ෂණික කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබියදී ය.

ඒම ටෙන්ඩරය සදහා මිල ගණන් ඉදිරිපති කර ඇත්තේ මෙසේය.

ඒ අනුව අඩුම මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ  ලංකා විදුලිබල මණ්ඩලයට කොටස් හිමි සියයට සියයක්ම දේශීය සමාගමක් වන ලක්දනවි සමාගය. 

දෙවන අඩු මිල ගණන් ඉදිරිපත් කර තිබුනු GCL චීන සමාගම හා පළමු අඩුම මිල ගණන් ඉදිරිපත් කර තිබුනු සමාගම අතර විදුලි ඒකකයක මිලෙහි වෙනස ශත 99 කි. 

ඒ අනුව වසරකට විදුලි ඒකක  මිලියන 2150 ක් ජනනය කරන මෙම විදුලි බලාගාරය GCL චීන සමාගමට ලබා දිම නිසා  අමතරව ගෙවීමට සිදුවන මුදල රැපියල් මිලියන 2129 කි. වසර විස්සකදී රජය විසින් මෙම බලාගාරය සදහා අමතරව ගෙවන මුදල රැපියල් මිලියන 42570 කි.

2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත හා සංශෝධිත 2013 අංක 31 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව අවම මිල ගණන් යටතේ විදුලිය ලබා ගෙන පාරිභෝගිකයන් හට ලාභදායක ලෙස විදුලිය ලබා දීම සදහා කටයුතු කිරීම ලංකා විදුලිබල මණ්ඩලයේ වගකීම වන නිසා මෙම දූෂිත ටෙන්ඩරයට එරෙහිව අභියාචනාධිකරණය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය කටයුතු  .කරන බවද එම නිවේදනයේ සඳහන්ය.

මහදවාලේ සිදුකරන මෙම මුදල් මංකොල්ලය නැවැත්වීම සදහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාට මෙන්ම  අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ   අමාත්‍ය මණ්ඩලයේ   අනෙක් අමාත්‍යවරැන්ට අවස්ථාවක් හිමිවී ඇති බවත් අශ්වයා ගිය පසු ඉස්තාලය වසා වැඩක් නොමැති බවත්  අදාළ නිවේදනයේ අවධාරණය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න