පොහොට්ටුව පුපුරණ දවස ගැන අනාවැකියක් !

පොහොට්ටුව පුපුරණ දවස ගැන අනාවැකියක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ එම පක්ෂය තුළම ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයිද ජනාධිපතිවරණයක් කැඳවූ වහාම එම පාර්ශවය කැබලි කැබලිවලට වෙන්වී යන ආකාරය දකින්නට ලැබෙනු ඇති බවද අමාත්‍ය  මහින්ද සමරසිංහ සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ  කෝට්ටේ බල‍මණ්ඩල රැස්වීමක් අමතමින්ය.

නැවත රාජපක්ෂ පාලනයක් ගැන අද ඇතැමුන් කථා කලත් එවැනි පාලනයක් නැවත පැමිණියහොත් ලංකාවට එරෙහිව විදෙස් සම්බාධක පැමිණවීම අනිවාර්යයෙන් සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මේ වන විට වත්මන් ආණ්ඩුව සම්බාධක පැණවීමේ අවධානම පාලනය කරගෙන සිටින බවත් නැවත එවැනි පාලනයක් ඇතිවුවහොත් ජනතාවට පාරට බහින්න සිදුවන්නේ බඩගින්නේ බවද ඔහු පැවසීය.

එසේම  විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය පළ නොකරන බවද මෙහිදී  අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න