දෙමළ සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීම සඳහා සාකච්ඡාවක් අරඹා ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට දෙමළ ජාතික සන්ධානය තුළ බරපතළ විවේචනවලට භාජනය වී සිටින මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නීති විශාරදයකු බවද වාර්තා වෙයි.
එ.ජා.ප.යට එක්ව එහි නීති කටයුතු අංශය භාරගෙන ක්‍රියාකරන්නැයි ඔහුට ආරාධනයක් ලැබී ඇති බවත් ජාතික ලැයිස්තුවෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවට පැමිණීමට වුවද අවස්ථාව ලබාදෙන බවටද ඔහුට සහතිකයක් ලබාදී ඇති බවද වාර්තා වෙයි.
TNA ප්‍රතිසංවිධානයක් ඉක්මනටම - ආර්.සම්පන්දන් කියයි
මේ අතර දෙමල ජාතික සන්ධානයේ ප්‍රතිසංවිධාන කටයුතු කඩිනම් කිරීමට තීරණය කර ඇති බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් සඳහන් කර සිටියි.
මුලතිව් හී පැවති පක්ෂ සාකච්ඡාවකදී මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමුවූ බවද ඔහු සඳහන් කර ඇත.
පසුගිය පළාත් පාලන මැතිවරණය හමුවේ පක්ෂයේ පසුබෑමක් සිදුවූ බවත් එවැනි තත්ත්වයක් යළිත් ඇතිවීම වළක්වා පක්ෂය ශක්තිමත් කිරීම ප්‍රතිසංවිධානයේ අරමුණ බවද ඔහු අවධාරණය කර ඇත.

