වජිර - ගයන්ත : හවුල් වැඩක

වජිර - ගයන්ත : හවුල් වැඩක

ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදාදීමේ  ජාතික වැඩසටහන වේගවත් කිරීම සඳහා  නව වැඩසටහනක් ඉඩම් අමාත්‍යාංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව ක්‍රියාවට නංවා ඇති බව වාර්තා වෙයි.

ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන ඉඩම් අමාත්‍යංශය යටතේ ක්‍රියාවට නැගුනත්   දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ඉඩම් ගැටළු සම්බන්ධයෙන් කටයුතු කරන  ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරීන් ස්වදේශ කටයුතු අමාත්‍යංශයට අනියුක්ත බැවින්  ඉඩම් ගැටළු විසඳීම වඩාත් ඵලදායි හා කඩිනම්ව සිදුකිරීම වෙනුවෙන් මෙසේ නව වැඩසටහන දියත් කර ඇත.

දීප ව්‍යාප්තව හඳුන්වාදීමට බලාපොරොත්තු වන මෙම වැඩසටහනේ පළමු පියවර ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් හා ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවී ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡාවක් පසුගිය දා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

මෙම අවස්ථාවට ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ් එච් කරුණාරත්න ගාල්ල දිස්ත්‍රික් ලේකම්, ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත්, මිනුම්පති පි.එම්. පි උදයකාන්ත අතිරේක ලේකම් ඉඩම්  එල්. බි. එස් දයාරත්න ඇතුළු පිරිසක්  සහභාගී වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න