දරුවන් සුරකිමු අරගෙන : ජනාධිපති හෙට කිළිනොච්චියට !

දරුවන් සුරකිමු අරගෙන : ජනාධිපති හෙට කිළිනොච්චියට !

දරුවන් සුරකිමු, ජාතික වැඩසටහනේ කිළිනොච්චි දිස්ත්‍රික් සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(18) පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

නිවේදනයක්මෙ නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටින්නේ මෙරට දරු පරපුර ආරක්ෂා කරගැනීම සහ ඔවුන්ගේ කායික, මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කරගත් මෙම වැඩසටහන හෙට කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දි පැවැත්වෙන බවය.

එසේම සමාජය තුළ දැනට පවතින විවිධ ව්‍යසනයන්ගෙන් දරු පරපුර ආරක්ෂා කරගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන අපයෝජනය, අපහරණය වැලැක්වීම, ආරක්ෂාව තහවුරු කිරීම,සෞඛ්‍ය පෝෂණය සහ සුබසාධනය, පෞරුෂ සංවර්ධනය, අධ්‍යාපන හා ජීවන කුසලතා නැංවීම යන පස්වැදෑරුම් අංශ ඔස්සේ මෙම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා ඇති බවද එහි සඳහන්ය.

මීට අමතරව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේ කිලිනොච්චිය ප්‍රදේශයේ තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න