රජය විසින් ක්‍රියාත්මක කරන "රටම එකට ජාතික මෙහෙයුම" වැඩසටහනට සමගාමීව, එළඹෙන 2026 මාර්තු 01 වනදා සිට සතියක් පුරා "විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය" ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය වූ පරිදි, මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා වන රාජ්‍ය ප්‍රතිපත්තිය ශක්තිමත් කරමින් මෙම සතිය ප්‍රකාශයට පත් කර ඇත්තේ "රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ" තීරණයකට අනුව ය.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් මගින් උපදෙස්
මෙම වැඩසටහන දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් ද දැනටමත් නිකුත් කර ඇත. ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ බද්ධ ආයතන මෙම නිවාරණ වැඩපිළිවෙළට සක්‍රීයව දායක විය යුතු බව සඳහන් වේ.


