Language Switcher

V2025

මිල අධික පිළිකා ඖෂධවල අවම මිල තවත් පහළට ! 

ජුලි මාසයේ දී මිල අධික පිළිකා ඖෂධවල අවම මිල රුපියල් 64,000 දක්වා අඩු කරන බව සෞඛ්‍ය,අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. 
සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත්තේ පසුගියදා ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉංගිරිය නගර මධ්‍යයේ ඉදි කළ පෝෂණ මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.

මෙහිදී වැඩුදරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පිළිකා ඖෂධ වල මිල පැවැතුනේ රුපියල් 285,000 කට බවත් ඉන් පසු එය රුපියල් 144,000 දක්වා අඩු කිරිමට තමන් කටයුතු කල බවත් එසේ ඖෂධ මිල පහළ දැමීමට හැකිවුයේ  රුසියාවේ නිෂ්පාදිත පිළිකා ඖෂධයක් හදුන්වාදීමෙන් බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මේ වන විට  තවත් පිළීකා ඖෂධ සමාගම් 02 ක් ලියාපදිංචිය සදහා අයදුම්පත් ඉදිරිපත් කර තිබෙන බවද සඳහන් කල අමාත්‍යවරයා මෙතෙක්  පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ රජයේ වියදම් සීමාව  සීමාව ලක්ෂ 15 ක් වුවත් එම සීමාව ඉවත් කරමින් අඛණ්ඩව ඖෂධ ලබාදීමට තමන් පියවර ගත බවද සඳහන් කර ඇත.

එහිදී වසරකට පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සදහා වැය කළ රුපියල් මිලියන 1300 ක් දක්වා වූ මුදල අද වන විට රුපියල් මිලියන 4800 දක්වා වැඩි වුනත් පිළිකා රෝගීන් ජීවත්වීමට අවස්ථාව හිමිව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.  

එදා පිළිකා රෝගීන් මියගියේ මුදල් නොමැති කමින් වුවත් එය නොදත් පිළිකා රෝගියා සිතන්නේ ඖෂධ නොමැතිකමින් තමන් මියයන බව පැවසූ අමාත්‍යවරයා එහිදී රෝගියා මෙම වියදම්  සීමාව දන නොසිටි බවද පෙන්වාදී ඇත. ඒ අනුව වත්මන් ආණ්ඩුව  මුදල් නොමැති බව ප්‍රකාශ කරන්නේ නැතිව අසරණ රෝගීන් වෙනුවෙන් අඛණ්ඩව ප්‍රතිකාර කරන ආණ්ඩුවක් බවද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.