නිව්යෝර්ක් ටයිම්ස් කැලෑ පත්තරයක්ද?

නිව්යෝර්ක් ටයිම්ස් කැලෑ පත්තරයක්ද?

හිටපු ජනාධිපති චීනයේ චයිනා හාබර් සමාගම වෙතින් ඩොලර් මිලියන 7.6 ක මුදලක් ලබා ගැනීම සම්බන්ධව  නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණයට ප්‍රතිචාර දක්වමින් එම පුවත්පත "කැලෑ පත්තරයක්" බව පවසන ලද ප්‍රකාශ අසත්‍ය බව මාධ්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

'වියත් මග' සංවිධායක ආචාර්ය නාලක ගොඩහේවා වැනි පුද්ගලයන්  'නිව් යෝර්ක් ටයිම්ස්' යනු කැලෑ පත්තරයක් බව සඳහන් කරමින් ජනතාව නොමග යවන්නට උත්සාහ කළත් එය පදනම් විරහිත සහ "වියත්" යන විශේෂණයට පවා  ලැජ්ජා කරවන ප්‍රකාශයක් බව සඳහන් කරන මාධ්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ  ගූගල් සෙවීමක් සිදුකරන ඕනෑම අයෙකුට එහි සත්‍ය අසත්‍යතාව සොයාගත හැකි බවය.

ඔවුන් පෙන්වා   නිව් යෝර්ක් ටයිම්ස් යනු නිව් යෝර්ක් නුවර කේන්ද්‍ර කර ගත් ලොව පුරා පාඨක ජාලයක් සහ ලෝක බලපෑමක් සහිත පුවත්පතකි. 1851 දී ආරම්භ කරන ලද මෙම පුවත්පත 'පුලිට්සර්' සම්මාන 125 ක් දිනාගෙන ඇති අතර  එපමණ සම්මාන ප්‍රමාණයක් වෙන කිසි පුවත්පතක් දිනාගෙන නැත. එසේම  ලෝකය පුරා සිටින පාඨක ප්‍රජාවේ තරම ගැන බලන විට එම පුවත්පතට ලෝකයේ 17 වැනි ස්ථානය හිමිව ඇත.

ඒ අනුව මෙතරම් සාර්ථක පරිසරයක් නිව්යෝර්ක් ටයිම්ස් වටා ගොඩනැගී ඇත්තේ එහි පවතින විශ්වසනීයත්වය නිසා බවත් ඔවුන් සතු ඒ විමර්ශනාත්මක මාධ්‍ය භාවිතය තුළ දැන් ඔවුන් මේ කතාව අපට හෙලිදරව් කොට තිබෙන බවට වියතුන් කියා පෙනී සිටින උදවියටම නොහැකිවීම එම වියත් භවේ ප්‍රශ්නයක් මිස පුවත්පතේ ප්‍රශ්නයක් නොවන බවද ඔවුන්ගේ අදහස වී ඇත.

එසේම අදාළ අනාවරණය  විශේෂිත දත්තවලින්, චෝදනාවලින් සහ පරීක්ෂා කර බැලිය හැකි සාක්ෂිවලින් සමන්විත බව දක්වන මාධ්‍ය විශ්ලේෂකයින්  බැංකුවේ චෙක්පත් මාර්ගයෙන් ගෙවන ලද මුදල් ගනුදෙනු පිළිබඳ පිටපත් තමන් සතුව තිබෙන බව ලිපියේ කතුවරිය සඳහන් කර තිබියදී ජාත්‍යන්තර පිළිගත් මාධ්‍යවෙත පවා මඩ ගසන තැනට පත්විය යුතු නැති බවද ඔවුන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න