පවුලේ බලය රැකගන්න මහින්දගේ දොස්තර මස්සිනා කරපු වැඩේ !

පවුලේ බලය රැකගන්න මහින්දගේ දොස්තර මස්සිනා කරපු වැඩේ !

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයට ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝටාභය රාජපක්‍ෂ මහතා ඊයේ (04) කැදවාගෙන ඒමේ කපුකම සිදුකර ඇත්තේ, මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා කෙනෙකු වන දොස්තර ලලිත් චන්ද්‍රදාස මහතා විසින් බව 'නිව්ස් ටියුබ්' වෙත වාර්තාවේ.

දොස්තර ලලිත් චන්ද්‍රදාස මහතා විවාහවී සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් සොයුරිය වන ප්‍රීති මහත්මිය සමගය.

පසුගියදා නුගේගොඩ පිහිටි සිය නිවසට රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා රාජපක්ෂ පවුලේ ඥාතීන් කැඳවා ඇති දොස්තර ලලිත් චන්ද්‍රදාස මහතා, බැසිල් රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පවතින දේශපාලන ගැටුම ප්‍රසිද්ධියේම සාකච්ජාවට ලක්කර ඈත.

මෙම හමුව සඳහා මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන සහෝදරයින් හා එම පවුලේ සමීප ඥාතීන් කිහිප දෙනෙකු සහභාගී තිබේ.

මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයට කිසිවකුගෙන් හෝ අභියෝගයක් වීමට ඉඩ නොතබන ලෙස රාජපක්ෂවරුන් ගෙන් ඉල්ලා ඇති දොස්තර මහතා, වියත්මග සංවිධානය පවත්වාගෙන යන අතරේම බැසිල් රාජපක්ෂ මහතාගේ පොහොට්ටු පක්ෂය සමග දේශපාලන කටයුතු ආරම්භ කරන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පෞද්ගලික ඉල්ලීමක් කර තිබේ.

ශක්තිමත් දේශපාලන යාන්ත්‍රනයක් හා ඒ සඳහා වූ දේශපාලන කාඩර් වරුන්ගේ බලමුළුවක් ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාට බව ඔහු විසින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තහවුරු කර ඇතැයි අවධාරණය කර ඇති දොස්තර මහතා, සියලු රාජපක්ෂවරුන් මහින්ද යලි බලයට ගෙන එම සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයුමට සක්‍රිය දායකවීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇත.

රාජපක්ෂ පවුලේ සියලු සාමාජිකයින් දොස්තර මස්සිනාගේ අවවාදය එකමතින් අනුමත කර ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතා 'පොහොට්ටු' කාර්යාලයට රැගෙන යාමට තීරණය කර ඇත්තේ එහිදීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න