කෑගල්ලේ පවුල් 25000ක : පානීය ජල ප්‍රශ්නය විසඳේ !

කෑගල්ලේ පවුල් 25000ක : පානීය ජල ප්‍රශ්නය විසඳේ !

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, අරණායක සහ රඹුක්කන යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 25,000කට අවශ්‍ය  පානීය ජල පහසුකම් ලබා දීම සඳහා වන හෙම්මාතගම ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා නෙදර්ලන්ත රජය  යූරෝ මිලියන 85ක සහන ණය මුදලක් පිරිනමා ඇත.

ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙම ප්‍රදේශයේ ජනතාවගෙන් 70%ක් පමණ භූගත ජලය භාවිත කරන අතර නියං සමයේ දී ජල මූලාශ්‍ර සිඳීයාම හේතුවෙන් දැඩි පීඩාවට පත්වෙති. මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාම සේවා වසම් 62කට අයත් ලක්ෂ දෙකක පමණ ජනතාවට සෙත සැලසේ.

ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, නාගරික සංවර්ධන සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනී  ජුවෑන් ඩොර්නිවර්ඩ් යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

DSC 2485

DSC 2450

DSC 2451

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න