මිහින් ලංකා වැටුප් නොගෙවා වැඩ අරගෙන !

 මිහින් ලංකා වැටුප් නොගෙවා වැඩ අරගෙන !

 2008 අප්‍රේල් මස සිට පුරා මාස 9 ක කාලයක්‌  මිහින් ලංකා ගුවන් සමාගම එහි සේවක මණ්ඩලයට වැටුප් ගෙවා නැති බව අනාවරණය වී ඇත.

 මිහින් ලංකා ගුවන් සේවයේ හිටපු ගුවන්තොටුපළ මෙහෙයුම් (ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්) කළමනාකාරිනී ඉන්ග්‍රීඩ් කැත්ලීන් ගුරුගේ මහත්මිය ඊයේ (4 දා) ශ්‍රී ලංකන් ගුවන්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් මේ බව අනාවරණය කර ඇති අතර එම මාස නවයේම සේවකයන් සියලු දෙනාම වැටුප් රහිතව සේවය කළ බවත් එම හිඟ වැටුප් සමාගම විසින් ඊට  පසුව හෝ ගෙවීමට කටයුතු නොකළ බවද ඇය සඳහන් කර ඇත.

ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ සාක්‍ෂිකාරිය මේ තොරතුරු අනාවරණය කර ඇති අතර සමාගමේ අනාගතය පිළිබඳ අපේක්ෂාවෙන් සේවකයන් වැටුප් නොමැතිව සේවය කළත් නව කළමනාකරණය යටතේ හෝ එම  හිඟ වැටුප් නොලද බවද ඇය සඳහන් කර ඇත.

කෙසේ වුවත්  සේවකයන් සිය දෙනා වෙනුවෙන් මිහින් ලංකා ගුවන් සමාගම ගෙවිය යුතුව තිබූ මුළු වැටුප් මුදල් ප්‍රමාණය කොපමණද යන්න කොමිසම හමුවේ අනාවරණය වී  නැත.

එම මාස 9 ක කාලයේදී මිහින් ලංකා ගුවන් සමාගමට ගුවන් යානා නොතිබුණු බවත් කුලියට ලබාගෙන තිබූ ගුවන් යානා එම ආයතන විසින් නැවත ලබාගෙන තිබූ බවද මෙහිදී ඇය සඳහන් කර ඇත.

අනතුරුව නව කළමනාකරණය යටතේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සජින් වාස්‌ ගුණවර්ධන  වෙනුවට අනුර බණ්‌ඩාර  එම තනතුරට පත්වූ බවත්  මිහින් ලංකා ගුවන් සේවය සඳහා ගුවන් තොටුපළ මෙහෙයුම් කටයුතු (ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්) සිදුකිරීමට 30 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්‌ඩලයක්‌ සිටියත් මිහින් ලංකා සමාගම වෙනුවෙන් එම කටයුතු සිදුකළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම බවද එහිදී අනාවරණය වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න