Language Switcher

V2025

විජයකලා  ඉල්ලා අස්වෙයි !

විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍ය  ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

වාර්තා වන ආකාරයට රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පසුගියදා යාපනයේ දී සිදුකල  ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (04) අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති හමුවෙන් පසුව අමාත්‍යවරිය මෙම තීරණය ගෙන ඇත.

මේ අතර විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය  වසන්තම් නාලිකාවට ප්‍රකාශයක් ලබා දෙමින්  තමාගේ දිවුරුම් දීමට අනූව යාපනයේ දී කළ ප්‍රකාශය වැරදි බවට තමා පිළිගන්නා බවත්  ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග සාකච්ජා කළ බවත් සඳහන් කර ඇත.

ඒ අනූව, තමා අතින් සිදුවූ වගකීම් විරහිත ප්‍රකාශය පිළිබඳ විමර්ශනයක් සිදු කරන තෙක් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට තීරණය කළ බවද එහිදී ඇය සඳහන් කර ඇත.