එජාපය විනය ක්‍රියාමාර්ග ගන්න අයට මහින්ද කරන වැඩේ මෙන්න

එජාපය විනය ක්‍රියාමාර්ග ගන්න අයට මහින්ද කරන වැඩේ මෙන්න

එක්සත් ජාතික පක්ෂය විසින් විනය ක්‍රියාමාර්ග ගනුලබන සෑම පක්ෂ සාමාජිකයකුම  රාජපක්ෂලා විසින් බදාගන්නා බදාගැනිල්ල දුටුවිට සැකසංකා මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ සඳහන් කරයි.

ඊයේ (04) විද්‍යුත් මාධ්‍යයක දේශපාලන විවාදයකදී අග්‍රාමාත්‍යවරයා පත්කර කමිටු පිළිබඳ විශ්වාසයක් නොමැති බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු නැගූ චෝදනාවකට පිළිතුරු දෙමින්  බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේය.

එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ සජීවි රූපවාහිනියෙන් පෙන්වන ලද දූෂණ චෝදනා පිළිබඳ පළමු විවාදය විජේපාල මෙන්ඩිස් මහතාට එල්ල වුණු චෝදනා පිළිබද විවාදය බවත් මුළු රටම නැරඹු එම විවාදයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය ගත් තීරණය නම් විජේපාල මෙන්ඩිස් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අතිහිටවා පරීක්ෂණයක් පැවැත්වීම වුවත් දවසක් විවාද කර  හොරෙක් දූෂකයෙක් කියු විජේපාල මෙන්ඩිස්ව පසුව අද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ශවය එක්කරගත් බවය.

එසේම 1997 රත්නපුර  දිස්ත්‍රික්කයේ පලාත් පාලන මැතිවරනයේ දී සිදු වු නාලන්ද එල්ලාවල ඝාතනයේ චූදිතයා සුසන්ත පුංචිනිලමේගේ පක්ෂ සාමාජිකත්වය එක්සත් ජාතික පක්ෂය විසින් අත්හිටුවීමෙන් පසුව සුසන්ත පුංචිනිලමේවද එම පාර්ශවය එක්කරගත් බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

රත්නපුර දිස්ත්‍රික්කයේම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ආදරය දිනාගත් නාලන්ද ඝාතනයේ චූදිතයා එම චෝදනාවලින් නිදහස් වුවත් ඔහුව එක්කරගත් ආකාරයට  අද විජේකලාගේ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධව විනය ක්‍රියාමාර්ගයක් ගත්තත් ඇයවද ඒ ආකාරයට එක්කර ගනිවී යන සැකය ඇති බවද මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න