වීජයකලා මන්ත්‍රීවරියට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කර ඇති විනය පරීක්ෂණයට අදාල විනය කමිටුව හෙට (6) දිනයේ ප්‍රකාශයට පත්වීමට නියමිත බව වාර්තා වෙයි.
විජයකලා මන්ත්‍රීවරිය රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වුව ද ඇයට එරෙහිව ආරම්භ කර ඇති විනය පරීක්ෂණය පවත්වාගෙන යන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.
පාර්ලිමේන්තුවේත් පිටතදීත් මෙවැනි මතබේදාත්මක තත්ත්වයක් ඇති වූයේ විජයකලා මන්ත්‍රීවරිය යාපනය වීරසිංහ ශාලාවේ පැවැති උත්සවයක් අමතමින් කල ප්‍රකාශය හමුවේය.
මන්ත්‍රීවරිය විසින් කළ ප්‍රකාශය පිළිබඳ විමසීම සඳහා අග්‍රාමාත්‍යවරයා කොළඹට කැඳවා ඇති අතර ඊයේ (4) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා සහ විජයකලා මන්ත්‍රීවරිය අතර හමුව අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
