ජාතික විගණන පනත සම්මතයි !

ජාතික විගණන පනත සම්මතයි !

ජාතික විගණන පනත පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) ඒකමතිකව සම්මත විය.

ජාතික විගණන පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් තුන්වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අගමැතිවරයාගේ නියමය පරිදි මාර්තු මස 16 දින නිකුත් කර ගැසට් කරන ලද මෙම පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

විගණන සේවා කොමිෂන් සභාවේ බලතල කාර්ය සහ කර්තව්‍ය පිළිබද විධිවිධාන සැළැස්වීම සඳහා ද ජාතික විගණන කාර්යාලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය ‍පිහිටුවීම සඳහා ද රාජ්‍ය මුල්‍ය පිළිබද විගණකාධිපතිවරයාගේ කාර්ය භාරය නිශ්චිතව දැක්වීම සඳහා ද ඒ හා සම්බන්ධ හා අනුශාංගික කරුණු වෙනුවෙන් විධිවිධාන සැලැස්වීම වෙනුවෙන් මෙම පනත් කෙටුම්පත මගින් අපේක්ෂා කෙරේ.

රාජ්‍ය මූල්‍ය අවභාවිතය අවමකිරීම සඳහා මෙවැනි ජාතික විගණන පනතක අවශ්‍යතාව ඇති බවට විවිධ පාර්ශ්වයන් පෙන්වා දුන්න ද පැවැති කිසිඳු රජයක් විසින් මෙම පනත බලාත්මක කිරීමට පියවර නොගත් අතර වත්මන් රජයේ මැතිවරණ පොරොන්දුවකට අනුව මෙම පනත බලගැන්වීමට පියවර ගනු ලැබූ බව මිට අදාලව පැවති විවාදයට එක්වූ මන්ත්‍රීවරුන් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න