ගෝඨා ගැන එකාබද්ධයේ වෙනම සාකච්ඡාවක් !

 ගෝඨා ගැන එකාබද්ධයේ වෙනම සාකච්ඡාවක් !

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ දේශපාලනයට එක්කර ගත්තත් ඔහුව කිසිසේත් ජනාධිපති අපේක්ෂකයා නොකළ යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ  අභ්‍යන්තර සාකච්ජාවක් ඇරඹී ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට  වාසුදේව නානායක්කාර ඇතුළු පැරණි වමේ පක්ෂ නියෝජිතයන් මෙන්ම, කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡාව සිදුවන අතර බැසිල් රාජපක්ෂගේ දේශපාලන උපදේශකයන් ලෙස සිටින විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් දෙදෙනෙකුද ඊට එක්ව ඇත.

මෙම සාකච්ඡාවේ මුලික අවධානයක් යොමුවී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ වටා සිටින වියත් මග සංවිධානයේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ "දේශපාලන විරුද්ධවාදීන් එල්ලා මරණ" බවට ප්‍රසිද්ධියේ සිදුකර ඇති ප්‍රකාශ සහ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඉදිරියේ එල්ලවීමට ඉඩ ඇති අපරාධ චෝදනා ගැනය.

එසේම ඉතා ඉක්මනින් වියත් මග සහ එළිය සංවිධාන සිදුකරන ජනහමු අවසන් කිරීමටත්, ඒ වෙනුවට නව සංවිධානයක් බිහිකිරීම ගැනද එහිදී සාකච්ඡා වී ඇත.

තවද  කුමන දේශපාලන පක්‍ෂයකින් වුව ද, රටේ නායකත්වයට පුද්ගලයෙකු තෝරා ගන්නා විට ප්‍රාදේශීය සභාවකටවත් ඡන්දය ඉල්ලූ අයෙකු තෝරා ගැනීමට ජනතාව බුද්ධිමත් විය යුතු බව, ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම  පාර්ලිමේන්තුවේදී කියා ඇත්තේද මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න