පොලිතින් තහනමට පක්ෂ : වර්ණසිංහගේ  යෝජනාව සම්මත වෙයි !

පොලිතින් තහනමට පක්ෂ : වර්ණසිංහගේ  යෝජනාව සම්මත වෙයි !

පොලිතීන් තහනමට අදාළව පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ විසින්  2018-01-23 වන දින බස්නාහිර පළාත් සභා රැස්වීමේ දී ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී යෝජනාව සභා සම්මතවී ඇති බව වාර්තා වෙයි.

විපක්ෂ ප්‍රධාන සංවිධායක යු.ජෝර්ජ් පෙරේරා  විසින් ස්ථිර කරන ලදුව සභා සම්මත වූ එම යෝජනාව ජනාධිපති ලේකම් අග්‍රාමාත්‍ය ලේකම්, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශ ලේකම්වරු වෙත බස්නාහිර පළාත් සභා ලේකම් කාර්යාලය විසින් ඉදිරිපත් කර ඇත. 
සම්මත වූ එම යෝජනාව පහතින් දැක්වේ.

යෝජනාව

ශ්‍රී ලංකාව තුළ විවෘත ආර්ථික වෙළ‍දපොළ හඳුන්වාදීමත් සමග පරිභෝජනවාදය සීඝ්‍රයෙන් වර්ධනයවීමේ ප්‍රතිඵලයක් ලෙස බැහැර කරන කැළි කසළ ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ ගියේය. එසේ බැහැර කරන කැළිකසළ වල දිරාපත් නොවන ලන්ච් ෂිට්, සිලි බෑග්, රෙජිෆෝම්, පොලිතින් විශාල වශයෙන් එක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දිරාපත් වන කසළ දිරාපත්වීම ප්‍රමාදවීමට මෙය හේතු වූ අතර, පරිසරයටත්, සමාජයටත් මානව පැවැත්මටත් වෙනත් සත්ත්ව කොටස් වලටත් බහුවිධ බලපෑමක් එක් කළ අතර දිරාපත් නොවූ කුණු කඳු ගොඩගැසීම නිසා විශාල ඛේදවාචකයක් හා ජිවිත හානිද සිදුවිය.

කසළ බැහැර කිරීමට, දිරාපත්වීමට, ප්‍රතිචක්‍රීකරණයට හා කොම්පෝස්ට් නිෂ්පාදනයට ලන්ච් ෂීට්, සිලිබෑග්, රෙජිෆෝම්, පොලිතීන් විශාල ප්‍රමාදයක් හා බාධකයක්, ව්‍යසනයක් ඇති කරන බැවින් ඒවා නිෂ්පාදනය කිරීම, විකිණීම හා භාවිතය තහනම් කරමින් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගනු ලැබූ තීරණය අපේ රටේ අනාගතය, අනාගත පරපුර හා හා පරිසරය සම්බන්ධ ඵලදායි ප්‍රතිපත්ති තීරණයක් ලෙස පැසසුමට හා අගය කිරීමට ලක් කරන අතර රට වෙනුවෙන් මෙම පොලිතීන් තහනම ක්‍රියාත්මක කිරීමටත්, ඊට ආදාළ නීතිය ක්‍රියාත්මක කිරීමටත්, බස්නාහිර පළාත් සභාවේ සහය පළකල යුතු යැයි යෝජනා කරමින්, මෙම ප්‍රතිපත්ති කවර බලපෑමක් නිසාවත් ආපස්සට නොහැරවිය යුතු යැයිද, පරිසර හිතකාමී විකල්ප ආදේශන ප්‍රවර්ධනය කිරීමටත්, ජනගත කිරීමටත් කඩිනමින් කටයුතු කළයුතු යැයිද, මෙම බස්නාහිර පළාතේ පළාත් සභාව රජයෙන් ඉල්ලා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න