ETI  සහෝදරයන්ට විදෙස් ගමන් තහනමක් !

ETI  සහෝදරයන්ට විදෙස් ගමන් තහනමක් !

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ෆයිනෑන්ස් ලිමිටඩ් (ETI ) හී  අධ්‍යක්ෂවරුන්ගේ විදෙස් ගමන් තහනම් කරමින්    විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවීමට ක්‍රියාත්මක කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න නියෝග කර ඇත.

ඒ අනුව  ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, අසංක එදිරිසිංහ, නාලක එදිරිසිංහ යන අයගේ විදෙස් ගමන් තහනම්ව තිබේ.

මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත්කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් හා දිවුරුම් පෙත්සමක් අනුව නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්. බාරි මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

බැංකු නොවන මූල්‍ය ආයතන අධ්‍යක්ෂවරයා පෙත්සම සහ දිවුරුම් පෙත්සම ඉදිරිපත් කරමින් දක්වා ඇත්තේ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් සමාගමේ කළමනාකාරිවය විසින් 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතේ වගන්තිවලට අනුව මහ බැංකුව නිකුත් කර ඇති නීති රෙගුලාසිවලට පටහැණිව කටයුතු කර ඇති බවයි.

මහ බැංකුවේ බැංකු නොවන ආයතන අධීක්ෂණ ආයතන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඉදිරිපත්කර ඇති කරුණු පිළිබඳව සෑහීමකට පත්විය හැකි බව මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටිමින් ඉහත නියෝග නිකුත් කළාය.

නියෝගයට අදාළ පාර්ශ්වයන් දැනුවත් කිරීම සඳහා අනෙකුත් පාර්ශ්වයන්ට ජූලි 18 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසටද නොතිසි නිකුත් කරනු ලැබීය. 

ඒ අනුව මෙම නඩුව  ජූලි 18 වැනිදා නැවත  කැඳවීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න