පලතුරු තාක්ෂණ ප්‍රදර්ශනය ඇරඹේ !

පලතුරු තාක්ෂණ ප්‍රදර්ශනය ඇරඹේ !

හොරණ කනන්විල පලතුරු තාක්ෂණ පර්යේෂණ  හා සංවර්ධන ආයතනය විසින් සිව්වන වරටත් සංවිධානය කරන ලද පලතුරු තාක්ෂණ ප්‍රදර්ශනය අද  (07) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මෙම ප්‍රදර්ශනය  මෙම මස 09 දින දක්වා පැවැත්වේ. එහිදී පලතුරු පැල අලෙවි කිරීම, වගා කටයුතු සඳහා උපදෙස් ලබා දීම, පලතුරු අලෙවිය හා පලතුරු ආශ්‍රිත නිෂ්පාදන හඳුන්වා දීම ඇතුලු ප්‍රදර්ශන කුටි 60කින් පමණ සමන්විතය.

අක්කර 300ක භූමියක පිහිටා තිබෙන කනන්විල පලතුරු තාක්ෂණ  හා සංවර්ධන ගොවිපොළ දැනට ආසියාවේ තිබෙන පලතුරු පර්යේෂණ සඳහා වන  විශාලතම ගොවිපොළ වේ. ලංකාවේ මෙන්ම විදේශයන්හි වැවෙන පලතුරු ඇතුළත් වර්ග 600ක් මෙම ගොවිපොළ තුල වගා කෙරේ.

ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට බස්නාහිර පලාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණි තිලකසිරි, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්  බී විජේරත්න යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.

පලතුරු ආනයනයට අති විශාල මුදලක් වැයවෙනවා - අමරවීර 

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා. මෙම පර්යේෂණ ගොවිපොළ ඉතාමත් අලංකාරව හා සාර්ථකව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මම මෙහි සියලුම නිලධාරින්ට ස්තුතිය පළ කරනවා. අද අපේ රටේ දෛනික ඒකපුද්ගල පලතුරු පරිභෝජනය ග්‍රෑම් 95ක්. නමුත් අඩුම තරමින් එක පුද්ගලයෙක් දිනකට පලතුරු ග්‍රෑම් 200ක් වත් පරිභෝජනය කළයුතුයැයි සම්මතයක් තිබෙනවා.
 
අපේ රටේ වාර්ෂික පලතුරු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 11,200ක්. නමුත් වාර්ෂිකව අපි විදේශ රටවලින් මෙරටට පලතුරු මෙ. ටොන් 54,000ක් ආනයනය කරනවා. මිදිවලට අපි 2017 වැය කර තිබෙනවා රු. මි. 2766ක්. දොඩම් ආනයනය කිරීම රු. මි. 958ක් වැය කරනවා.  මේ විදියට ඇපල්, පෙයාර්ස් වැනි පලතුරු ආනයනය කරන්න අති විශාල මුදලක් වැය කරනවා.
 
ඒ නිසා තමයි මම අපි වවලයි- අපි කන්නේ වැඩ පිළිවෙළ හදුන්වා දුන්නේ. අතීතයේ අපි වවලා අපි කෑවා විතරක් නොවෙයි අතිරික්තය අපි පිටරටවලටත් යැව්වා. නමුත් අපි දැන් ටිකක් වගා කරලා හුගාක් පිටරටවල්වලින් ආනයනය කරනවා. නමුත් පිටරටවල ආහාර හිගයක් ආවොත් අපි ඉවරයි. මොකද ඒ රටවල්වලට වැදගත් වන්නේ තම්ගේ රටේ ජනතාව මිසක් අපි නොවෙයි. ඒ නිසා අපිට කන්න නම් අපිම වගා කරන්න ඕනෑ.
 
ඒ නිසා මෙම වගා ව්‍යාපාරය අපි දිගටම ක්‍රියාත්මක කරනවා. වගා කරන්න ජලය ගන්න අවශ්‍ය වතුර ටික ජනතාවට දෙන්න සියලුම වැව්  හදන්න අපි තීරණය කළා.ඒ අනුව ග්‍රාම ශක්ති, ගම්පෙරළිය වගේම අපේ වැව් දහසක් ගම් දහසක් වැඩ සටහන් යටතේ රු. මි. 9000කට වැඩි මුදලක් මේ වසරේ වැව් ටික හදන්න වැය කරනවා.

වට්ටක්කා කතාවට බැනපු මන්ත්‍රීගේ කැමතිම කෑම !

පසුගිය දිනවල එලවලු මිල ඉහළ ගිය නිසා මාධ්‍ය මගෙන් ඒ ගැන ඇහුවා . මම කිව්වා උඩරට එලවලු වගාව වැස්ස නිසා විනාශ වෙලා. නමුත් පහත රට එලවලු මිල අඩුයි. ඒ නිසා වට්ටක්කා , මයියොක්කා වගේ ආහාර අපි ගන්න පුරුදු විය යුතුයි කියළා. ඒ ගැන සමහරු කාටුන් ඇන්දා. සමාජ ජාල හරහා මට බැන්නා.
 
අපේ මිතුරු දේශපාලනඥයෙක් මට දොස් කිව්වා ජනතාවට වට්ටටක්කා කන්ඩ කියළා මම කියනවා කියළා. මං හිතන්නේ වට්ටක්කා මඤ්ඤොක්කා කියන්නේ හොඳ නැති කෑම නොවෙයි. ඒවා හොඳ ආහාර. නමුත් ඔය දේශපාලනඥයා පාර්ලිමේන්තුවේ දී මට කියළා තියෙනවා එයාගේ ප්‍රියතම කෑම මඤ්ඤොක්කා කියළා. නමුත් එයා ඇමරිකන් පුරවැසියෙක් වුනාට පස්සේ මං හිතන්නේ අපේ කෑම එයාට හුරු නැති නිසා වෙන්නැති නිසා වෙන්නැති එහෙම කිව්වේ. ඒ නිසා අපි ඒවාට සැළෙන්නේ නැතැයි ද අමාත්‍යවරයා කීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න