'ගොට්ලර්ට' එරෙහිව වෙල්ගම සටනට !

'ගොට්ලර්ට' එරෙහිව වෙල්ගම සටනට !

මේ රටේ රාජ්‍ය නායකයා කල යුත්තේ ජනතාව සමග සිටින පුද්ගලයෙකු පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. 

එම පුද්ගලයා ජනතාවගේ දුක සැප හදුනන පුද්ගලයෙතු විය යුතු බවත් අඩුම තරමේ ප්‍රාදේශීය සභාවක හෝ නියෝජිතයෙකු වී තිබිය යුතු බවත් මන්ත්‍රීවරයා පෙරේදා (06) පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් කියා සිටියේය.

ගොඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට 'වියත්මඟ' හමුදා ජුන්ටාව දරණ උත්සාහයට කුමාර වෙල්ගම මහතා දැඩි විරෝධයක් දක්වන අතර මෙම ප්‍රකාශය ද ගොඨාභය රාජපක්ෂ මහතාට  එරෙහිව කරන ලද්දක් බව පෙනී යයි.

මීට පෙර අස්ගිරි අනුනායත පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් සඳහන් කල මිලිටරි ආණ්ඩුවක් පිලිබදවද  ඔහු අදහස් දක්වා තිබුණි. 
එවන් තත්වයක් උද්ගත වුවහොත් පක්‍ෂයෙන්ද ඉවත් වී ජීවිතයද පරදුවට තබා සටන් කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තමන් බලාපොරොත්තු වන බවත් රට මිලිටරි පාලනයක් ඇති වුවහොත් ඊට තමන් දැඩි විරෝධය පල කරන බවද ඔහු සදහන් කරන ලදි.

අනු නාහිමියන්ගේ 'හිට්ලර්' අනුශාසනාවෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතාව ඇතැමුන් විසින් හඳුන්වන්නේ 'ගොට්ලර්' ලෙසය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න