කොළඹ දකුණු වරාය ඉදිකිරීම් කටයුතු බාරගෙන තිබූ චීන සමාගමක් වූ CICT සමාගමෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිය වන පුෂ්පා රාජපක්ෂ මහත්මිය විසින් පවත්වාගෙන යන පදනමට රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක (19,410,000) මුදලක් ආධාර මුදලක් වශයෙන් බැර කරගෙන ඇති බව රාජ්‍ය විගණනයේදී තහවුරුවී ඇත.
එහෙත් එම සමාගම එම මුදල ආධාරයක් වශයෙන් පරිත්‍යාග නොකළ බවත් දකුණු වරාය සංවර්ධන කිරීම සඳහා දරන ලද වියදමක ලෙස ගිණුම් ගත කර ඇති බවද එහිදී අනාවරණය වී තිබේ.
මෙතරම් විශාල මුදලක් පුෂ්පා රාජපක්ෂ ස්වේච්ඡා සංවිධාන අරමුදලට දකුණු වරාය සංවර්ධන කටයුතු බාරගත් චීන සමාගම වූ සීමාසහිත කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්ත සමාගම විසින් වරාය සංවර්ධන වියදම්වලට එකතු කර ගෙවීම සම්බන්ධයෙන් රාජ්‍ය විගණනය 2016 මාර්තු 01 වැනිදින POS/A/SLPA/2016/4 යටතේ විමසා තිබේ.
දකුණු වරාය පර්යන්ත බහාලුම් මෙහෙයුම් සංවර්ධන කටයුතු සඳහා වසර 35කින් ආපසු ගෙවීමේ පදනම මත CICT සමාගම 2013 ජූලි 13 වැනි දින මෙහෙයුම් ආරම්භ කර තිබිණි. එම මෙහෙයුම් අතර 2012 මැයි 21 දින පුෂ්පා රාජපක්ෂ ස්වේච්ඡා සංවිධානයට රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක (19,410,000) මුදලක් ගෙවීම් කර තිබේ.
CICT හොංකොං ෂැන්හයි බැංකුවේ අංක 594691 දරන චෙක්පත මඟින් එම මුදල ගෙවා තිබේ. මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ අංක 204 – 1 – 001 – 0003290ට එම මුදල බැරවීම සඳහා ලබාදී තිබේ.
එසේ මුදල් එම ගිණුමට බැර කර ඇති බවද රාජ්‍ය විගණනය මගින් තහවුරු කරගෙන ඇත.

