අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව විසින් දේශපාලන පත්වීම් අවලංගු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයට ජූනි මස 04 සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දී ඇති දින 14 ක කාලසීමාව තුලදී හෝ ඉන් පසුව හෝ කිසිසේත්ම එම පත්වීම් අවලංගු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් මහතා අප කළ විමසීමක දී ප්‍රකාශ කළේය.
වෘත්තීය සමිති ප්‍රකාශ කරන කිසිදු පත්වීමක් දේශපාලන පත්වීම් නොවන බවත් ඒවා දේශපාලන පත්වීම් යැයි යමෙකු කියන්නේ නම් ඔහුට අධිකරණය ඉදිරියට ගොස් නඩු පැවරිය හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ලංකා ගුරු සංගමය චෝදනා කරන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට 231, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ I පන්තියට 350ක්, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ II පංතියට 421 ක්, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III පන්තියට 05 ක් සහ ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට 1 ක් වශයෙන් දේශපාලන පලිගැනීම් කමිටු නිර්දේශ මත, රජය පත්වීම් දීමට නිර්දේශ කර ඇති බවයි.
කෙසේ වෙතත් පසුගිය බදාදා (04) දින අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව පැවැත්වූ උද්ඝෝෂණයේදී ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම මහතාට ගල් ප්‍රහාරයක් එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන තෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන තිබුණේ නැත.
(රාවය)

