නැවත ප්‍රභාකරන් කෙනෙක් එනවා වැනි මෝඩ කතා විමල් වීරවංශගේ වටේ සිටින මෝඩයන් කීවත් 18 වෙනි බෘමරය කියවා ඇති විමල් මේ කතා පැවසීම අවස්ථාවාදී ගසාකෑමක් බව ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දීප්ති කුමාර ගුණරත්න සඳහන් කරයි.
voicetube.lk සමඟ සම්මුඛ වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
එහිදී දීප්ති කුමාර ගුණරත්න මහතාගේ ප්‍රකාශය පහත දැක්වේ.
මේක මමත් කතාකරා. දැන් මීට ඉස්සෙල්ලා අපි දැක්කා ලංකාවේ හිට්ලර් කතාව. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් හිට්ලර් ගැන කතා කරා. ඉතින් ඒකත් එක්ක මාධ්‍ය විසින් සෑහෙන දිවිල්ලක් දිව්වා. ඊට පස්සේ එකපාරටම මේ විජයකලා සිද්ධිය ආව. ඇවිල්ල මෙතන මේ ප්‍රභාකරන් කියලා පුද්ගලයෙක් ලෝකයට බිහිවෙයි කියලා සද්දයක් දැම්මා. මේකෙ ඉස්සරහම ඉන්නේ මේ විමල් වීරවංශ කියන මෝඩ මනුස්සයා. අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ එතුමා අවුරුදු 17 ක් විතර රස්සාව කරා. ඔය අවුරුදු 17 න් 15 ක්ම මාක්ස්ගේ පොත් කියවන්න ඇති. ඒකේ තියෙනවා 18 වෙනි බෘමරය කියලා මාක්ස් ලිවුව නිබන්ධනයක්. ඒකේ සාකච්ඡාවෙන දෙයක් තමයි ඉතිහාසයේ ඇති වෙන විවිධ පෞර්ෂයන් සහ සංසිද්ධීන් පළමුවර ශෝකයක් ලෙසත් දෙවෙනි පාරත් වැරදිලාවත් ඇති වුණොත් ඒවා හාස්‍යජනකයි කියලා. ඒ වගේ ඉතිහාසයේ ඇති වෙච්ච් විවිධ පෞර්ෂයන් තියෙනවනේ, ස්ටාලින්, ලෙනින්, මාක්ස්, නැපෝලියන්, එතකොට වින්සන්ට් චර්ච්විල්,ගාන්ධි. මේ වගේ පුද්ගලයෝ නිකන් මේ අපිට ඕනේ ඕනේ විදිහට කුකුල්ලු බිත්තර දාලා කුකුළ් පැටවු එළියට එන විදිහට එන්නේ නැහැ. එහෙම නැත්නම් අපේ අල්ලපු ගෙදර ජෝසප් ස්ටාලින් ඉපදෙන්නේ නැහැ. ඉතින් මේ විමල් වීරවංශ කියන මෝඩ මනුස්සයා හිතනවා ආයිත් සැරයක් ඒ ඓතිහාසික සංසිද්ධීන් හැඩගැහිලා උතුරෙන් ආයිත් ප්‍රභාකරන් කෙනෙක් එයි කියලා.
විමල් වීරවංශ වටේ ඉන්න අනිත් මෝඩයෝ ඕක කිවුවට කමක් නැහැ. නමුත් මේ වීරවංශ 18 වෙනි බෘමරය කියවපු කෙනෙක්නෙ. දැන් එයත් මේක කියනවා නම් මේක අවස්ථාවාදය නැත්නම් ගසාකෑම. ජාතිවාදය ගසාකාලා පාර්ලිමේන්තුවේ පුටුව අස්සක හරි ඉන්නවා. මොකද පාර්ලිමේන්තුවේ බොහෝ විට ඉන්නේ දැනුම අඩු මිනිස්සු. පක්ෂ නායකයෝ තෝරලා තියෙන්නේ බොහෝම සමාජ දැනුම අඩු අය. ඒ වගේ තැන්වල මම හිතන්නේ වීරවංශ බොහොම ලොකු චන්ඩියෙක් වෙනවා. චන්ඩියෙක් වෙලා මේ වගේ මෝඩ කතා කියලා මම හිතන්නේ මිනිස්සුන්ව රවට්ටන්න යනවා.
මම නැවත කියනවා මේ රැවැට්ටීමේ ක්‍රියාවලිය පිටිපස්සේ ඉන්නේ මාධ්‍ය. දිලිත් ජයවීරගේ දෙරණ, එතකොට රෙනෝ සිල්වාගේ හිරු. මේ දෙගොල්ලොම හිතනවා ඇති, ඒගොල්ලො බෙන්ස්වල, බීඑම්ඩබ්ලිව්වල යනගමන් අපි මෝඩයෝ කියලා. ඉතින් අපි ඒ අයට කියන්න ඕනේ අඩුම ගානේ ලංකාවේ එක මිනිහෙක් හරි ඉන්නවා තමුන්නාන්සේලාට මෝඩ කරන්න බැරි.
පස්සේ කාලෙක මාව අනුගමනය කරලා අනිත් මිනිස්සුත් ඇවිල්ලා මේවට විරුද්ධව කැරලි ගහයි. මොකද මාධ්‍ය කාරයෝ කියන්නේ ඉස්සර සත්‍යය කියපු අය. දැන් මාධ්‍ය කාරයෝ කියන්නේ තමන්ගේ අවස්ථාවාදය සහ ඉදිරියේදී තමන්ගේ ව්‍යාපාරික අවස්ථා තරකරගැනීමට රාජපක්ෂලත් එක්ක එකතුවෙලා බිස්නස් තර කරගන්න මේ මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවන ගණිකා මඩම් හිමියන්ට තමයි අද අපි මාධ්‍ය හිමිකාරයෝ කියලා කියන්න ඕනේ. ඇත්තවශයෙන්ම ඒ මාධ්‍ය හිමිකාරයෝ හසුරවන මාධ්‍යකරුවෝ කියන්නෙත් අද වෘත්තීය ගණිකාවෝ.

